Featured News

Video Gossip

Advertisement


ලේඛන ගැටලු ඉදිරියට දමා නඩුව දිගටම කල්දැමීමට සිතීම සුදුසු නෑ
විනිසුරු උදේශ් රණතුංග කියයි

පැමිණිල්ල විසින් විත්තියට ලබාදී ඇති ලේඛනවල යම් අඩුපාඩුවක් ඇත්නම් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් එක්ව ඒ පිළිබඳව සාකච්ඡා කොට ගැටලුව විසඳා ගනු මිස ලේඛන ගැටලු ඉදිරිපත් කර විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව දිගින් දිගටම කල්තැබීමට අපේක්ෂා කිරීම නුසුදුසු බව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඊයේ (06දා) විවෘත අධිකරණය හමුවේදී පැවසීය.

රුපියල් මිලියන 73කට ආසන්න වටිනාකමක් ඇති වත්කම් අයථා ලෙස උපයා ගැනීම ඇතුළු චෝදනා යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතාට හා ඔහුගේ මිත්තණියක වන ඩේසි පොරෙස්ට් මහත්මියට එරෙහිව නීතිපතිවරයා විසින් පවරා තිබූ නඩුව ඊයේ කැඳවිණි. එහිදී නීතිපතිවරයා විසින් විත්තියට ලබාදී ඇති ලේඛන ගොනු දෙකේ අඩංගු ලේඛන අංකනය කිරීමේ ගැටලු ඇතැයි යෝෂිත රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පැවසීය. එකී ලේඛන ගොනු දෙක ලබාගෙන නිසි ලෙස අංකනය කර පවතින දෝෂ නිවැරදි කර ඊයේම එකී ලේඛන ගොනු දෙක යළි විත්තියේ නීතිඥවරයාගේ කාර්යාලයට භාරදීමට පියවර ගන්නා බවත් තම දෙපාර්තමේන්තුව සතුව ඇති නඩුවට පාදක වූ සියලු ලේඛන විත්තියට ලබාදී ඇති බවත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අධිකරණයට පැවසීය.

එම නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය ලබන 12 වැනිදා පැවැත්වීමට මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා දින නියම කළේය. විත්තිකරුවෝ දෙදෙනා ඊයේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියහ.

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ගැනෙන චෝදනා තුනක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව 2025.2.14 වැනිදා එම නඩුව පවරා ඇත. රජයේ අධිනීතිඥ ඔස්වල්ඩ් ලක්ෂ්මන් පෙරේරා මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැමිණිල්ල මෙහෙයවීය. නීතිඥ නිශ්ශංක පීරිස් මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් සමග ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විත්තිය වෙනුවෙන් පෙනී සිටියහ.

ඒ. ජේ. ඒ. අබේනායක

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements