Advertisement


ලේඛන ගැටලු ඉදිරියට දමා නඩුව දිගටම කල්දැමීමට සිතීම සුදුසු නෑ
විනිසුරු උදේශ් රණතුංග කියයි

පැමිණිල්ල විසින් විත්තියට ලබාදී ඇති ලේඛනවල යම් අඩුපාඩුවක් ඇත්නම් දෙපාර්ශ්වයේ නීතිඥවරුන් එක්ව ඒ පිළිබඳව සාකච්ඡා කොට ගැටලුව විසඳා ගනු මිස ලේඛන ගැටලු ඉදිරිපත් කර විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර ඇති නඩුව දිගින් දිගටම කල්තැබීමට අපේක්ෂා කිරීම නුසුදුසු බව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඊයේ (06දා) විවෘත අධිකරණය හමුවේදී පැවසීය.

හොඳ තැනකට යන්න නම් කට්ටක් කන්නම ඕනා...
කැපිලි කෙටිලි එන තරමට අපේ වෘත්තිය රසවත් වෙනවා

දශයකට ආසන්න සිය මාධ්‍යය ජිවීතය තුළ විවිධ බාධක මධ්‍යයේ සාර්ථක ගමනක් ආ තරුණ මාධ්‍යවේදියෙකු සමගින් අප මෙවර කතා කළා. ඔහු නමින් ධනුෂ්ක දිලිනුවන්. මාධ්‍ය ජාල කිහිපයක් සමග සිය මාධ්‍ය ජිවීතය බෙදාගත් ධනුෂ්ක වර්තමානය වනවිට සාමාජ මාධ්‍යයන් තුළද අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්ව සිටියි. මේ නිසාම අප ධනුෂ්ක මාධ්‍යය ජිවීතය ගැන තොරතුරු ගැන කතා කළා.

මොනවාගේ චරිතයක්ද?
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි 
සැකකරු ගැන සියල්ල හෙළිවෙයි  
චීවරධාරියෙක් ලෙසත් ඉදලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.

කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.
සභාපතිව ඉවත් කිරීමට නීතිඥ සංගමය යෝජනාවක් සම්මත කරයි.. 
මින් ඉදිරියට සභාපති වෙන්න  වසර 25 ක් නීතිඥ වෘත්තියේ සිටිය යුතු බවට යෝජනාවක්...

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයෙන් ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතා ඉල්ලා අස්විය යුතු බවට ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ කවුන්සිලය ඒකමතිවකව යෝජනාවක් සම්මත කර තිබේ.

අද (31) රැස්වී එම යෝජනාව සම්මත කරගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ, මුදල් සාවද්‍ය පරිහරණය කළ බවට ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න මහතාට එල්ලවී ඇති බව කියන චෝදනාවක් හේතුවෙනි.

ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය හෙවත් "ජයිකා" (JICA) ආයතනය දූෂණ මර්දන ව්‍යාපෘතියක් සඳහා 2023 වසරේ අවසන් භාගයේ ලංසු කැඳවා තිබූ අතර ඊට ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් වීමෙන් පසු රුපියල් මිලියන 24ක අරමුදලක් එම සංගමයට ලැබී තිබුණි.

කෙසේ වෙතත් අදාළ ලංසු තැබීමේදී හා ගිවිසුම්වලට එළැඹීමේදී පාරදෘෂ්‍යභාවයෙන් හා විනිවිදභාවයෙන් යුතුව කටයුතු නොකිරීම පිළිබඳ ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න, උප සභාපති නලින්ද ඉන්දතිස්ස, ජනාධිපති නීතිඥ ශවින්ද්‍ර ප්‍රනාන්දු, නීතිඥ නුවන් ඩි අල්විස් සහ නීතිඥ රෂ්මිනි ඉන්දතිස්ස යන මහත්ම මහත්මීන්ට චෝදනා එල්ල විය.

තවද නීතිඥ අමිල පල්ලියගේ විසින් යෝජනාවක් කරමින් නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත්වීම සදහා අවම වශයෙන් වසර 25 ක වසරක් නීතිඥ වෘත්තියේ නියැලී සිටියයුතු ලෙසට සංගමයේ ව්‍යවස්ථ සංශෝධනයක් ගෙන ආ යුතු බවට යෝජනාවක් ගෙනඑන ලද අතර සාමාජික අදහස් හා යෝජනා සලකා බලා ඒ පිළිබද සුදුසු තීරණ ගැනීමට එය සංගමයේ ව්‍යවස්ථා සංශෝධන කමිටුව වෙත යොමු කරන ලදී .
කෙහෙලිය එල්ලුම් ? 
නීතීඥ ගෙදර ගිහින් බේරා දෙන්නැයි හඬා වැටිලා

හිටපු ඇමති කෙහෙළිය රඹුක්වැල්ල විසින් කල වංචාව මිනීමැරීමට සමාන බවත් ඔහුට දඩුවම විදියට මරණ දඬුවම දිය යුතු බවත් වෛද්‍ය සහ සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පවසයි.

රඹුක්කළ මහතා නඩුවේ හිටපු නීතිඥයාගේ නිවසට ගොස් තමන් බේරාදෙන්නැයි හඬා වැටෙමින් ඉල්ලා ඇති බවද හෙතෙම පැවසීය.
DSI රාජපක්‍ෂ හොර සහෝදරයන්ගේ ගැහැලි මාට්ටු

සිය සමාගම් සමූහයට අයත් සමාගම් කිහිපයකින් තමන් දැරූ කළමනාකාර අධ්‍යක්ෂ ධූරවලින් හා අධ්‍යක්ෂධූරවලින් තමන්ව අයුතු සහගත ලෙස ඉවත් කිරීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වන අතුරු තහනමියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා DSI සමාගමේ අධ්‍යක්ෂවරයෙකු වන ගිහාන් සජිත් රාජපක්‍ෂ මහතා විසින් ගොනුකර තිබූ පෙත්සම සම්බන්ධයෙන් තීන්දුව ලබන මස අටවෙනිදා නිකුත් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ජනවාරි 19 වන දින නියම කළේය. එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර ඇති DSI සමාගමේ කසුන් රාජපක්ෂ, තුසිත රාජපක්ෂ, භාතිය අමරකෝන්, නෙලානි රාජපක්ෂ, අනුර ද සිල්වා, අසංක රාජපක්ෂ ඇතුළු සෙසු අධ්‍යක්ෂකවරුන් වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා පෙත්සම ලබන දෙවැනි දා යළි කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය.
13වන සදුදා විශේෂ පාසල් නිවාඩුවක් ..

2023 නොවැම්බර් මස 12 දිනට යෙදී ඇති දීපවාලි දින උත්සවය වෙනුවෙන්, දමිළ පාසල්වල අවශ්‍යතාවය සලකා බලා 2023 නොවැම්බර් මස 13 වන සඳුදා දින නිවාඩු ලබාදෙනු ලැබේ.
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දෙදරයි.. 
දරුණු පරාජය ගැන නිදහසට කරුණු විමසන අතරේ ජනතාව ක‍්‍රිකට් ආයතනය වටලා විරෝධතාවක් සංවිධානය කරයි 

ලෝක කුසලාන තරඟාවලියෙන් ඉවතට විසිවෙමින් ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාව හමුවේ ලැබූ දරුණු පරාජය පිළිබඳව කරුණු විමසීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

ඒ අනුව කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙන් හා තේරීම් කමිටුවෙන් කරුණු විමසීමට නියමිතව තිබේ.

ඉන්දියාව සමග වූ තරගයට කණ්ඩායම නම් කළ පදනම කුමක් ද යන්න මෙහිදී කරුණු විමසීමට නියමිතව ඇත.
හිරුණිකා සමගඒකතුවී ආශුට මඩ ගහන්න ආදර්ශා කරඳන ගේ සොහොයුරා හෙලිකරයි
[VIDEO]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස සේවය කල මහචාර්ය ආශු මාරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සම්බන්ධයෙන් හිරුනිකා ‌ ආදර්ශා කරදන නමැති කාන්තාව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් සහ චෝදනා කිහිපයක් මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට පැමිණිල්ලක් විභාගයට පත්වෙමින් තිබෙනවා.
ලංකාවට ජාත්‍යන්තර ක‍්‍රිකට් තහනමක්..? 
දේශපාලන බලපෑම් එල්ල වුවහොත්ලෝ ක කුසලානය තරගාවලිය අහිමිවීමේ අවදානමක්…?  ආණ්ඩු විරෝධී කුමන්ත්‍රයක් ?

ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත තවදුරටත් දේශපාලන බලපෑම් එල්ල වුවහොත් ජාත්‍යන්තර ක්‍රිකට් තහනමක් පැනවීමට සිදුවනු ඇතැයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු (ICC) විපක්ෂයේ ප්‍රධානියකු වෙත දැනුම්දී ඇතැයි වාර්තාවේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් හෙට (24) දිනයේ පැවැත්වීමට නියමිත සභාව කල් තැබීමේ විවාදය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු දැනගැනීම සඳහා විපක්ෂයේ දේශපාලනඥයා කළ විමසීමකදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශකයකු එම දැනුම්දීම සිදුකර පැවසේ.
Breakup වෙන්න Party එකක්?
ලංකාවෙ සුපිරි තරු Breakup වෙන Party එක මෙන්න!


පහුගිය දවස්වල ලංකාවෙ ජනප්‍රිය තරු කීපයක්ම Breakup වෙන්න යන කතා අපිට අහන්න ලැබුණා. ඉතින් මේ අය Breakup වෙනවා කියපු වීඩියෝ වගේම ඒවට comments වලින් දක්වපු අදහස් මුළු සමාජ මාධ්‍යය පුරාම පැතිරෙන්න ගත්තා.

ඉතින් මේ අතරින් වැඩිපුරම කතා බහට ලක් වෙච්ච කපල් දෙක තමයි දුෂ්‍යන්ත් ස්ටෙෆනි සහ ශනුද්‍රි දිනේෂ් කියන්නෙ. කොහොම නමුත් මේ සිදුවීම් එක්ක මෙයාලට ආදරේ කරපු රසික රසිකාවියො නං හිටියෙ හරිම හිතේ අමාරුවකින්.

එතකොට මොකක්ද මේ Breakup Party එක?
පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුගේ ඉල්ලීම නිසා රේගුවේ රන් තොගයක් නිදහස් කරයි

කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරින් විසින් අත්අඩංගුවට ගත් රුපියල් මිලියන පහළොවක් වටිනා රත්රන් තොගයක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු කරන ලද අභියාචනයක් පරිදි රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිදහස් කර ඇතැයි අනාවරණය වේ.

ඒ අනුව CUS/APP/11/2023 දරන අභියාචනය පරිදි අදාළ රන් භාණ්ඩ තොගය අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ පැවැති අදාළ බදු අයකර ගැනීම මත නිදහස් කිරීමට රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.සී.​ නෝනිස් විසින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබේ.
විදුලි ගාස්තු පහළට - නව ගාස්තු මෙන්න

ඊයේ (ජූනි 30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 14.2කින් විදුලි ගාස්තු පහළ දැමීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

ඒ අනුව,ගාස්තු සංශෝධනය පහත පරිදි සිදුවේ.

ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට සියයට 65කින් ගාස්තු පහළ යන අතර ඒකකය රුපියල් 30 සිට රුපියල් 10 දක්වාත්, මාසික ගාස්තු රුපියල් 400 සිට 150 දක්වා ත්, ඒකක 60ට අඩු කාණ්ඩයේ ඒකක ගාස්තුව රුපියල් 42 සිට 32 දක්වා ත් පහළ යනු ඇත.
ලක් අම්මගේ පුතුතු දමිතාව අමතයි 
දමිතාට තරහ යයි -  විඩියෝවක් සමාජජාලාවල 

ගාළු මුවදොර අරගලයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක් වූ රංගන ශිල්පිනී දමිතා අබේරත්න සහ තවත් පුද්ගලයෙක් අතර ඇතිවූ දුරකථන සංවාදයක හඬපටයක් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වෙයි.

අරගලය සමයේ තමා ප්‍රකාශ කළ දේවල් මෙන්ම ක්‍රියාකාරකම් පිළිබඳව දැන් වගකිව නොහැකි බව ඇය එහිදී කියා සිටී.
බයවෙන්න එපා නංගි. මම මැරෙනකම් ඔයත් එක්ක ඉන්නවා කියූ අයියා 
රෑට රෑට ගෙට රිංගා 15 හැවිරිදි සිසුවිය මවක් කරලා

සචිනි ගම්පහ ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවියකි. වයස අවුරුදු 15 කි. ඇය එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය හදාරයි. අධ්‍යාපන කටයුතුවලට දක්ෂ වුවත් ඇයට ටික කලක සිට එම කටයුතු නිසියාකාරව කරගෙන යෑමට නොහැකි විය. එයට ප්‍රධාන හේතුව වූයේ ඇයගේ දෙමව්පියන්ය. 

වසර කිහිපයකට ඉහත දී ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යෑමෙන් ඇයගේ දෙමව්පියන් වෙන් විය. ඉන් පසු ඔවුන් දෙදෙනා තම දරුවන් ගැනවත් නොසිතා වෙන් වෙන්ව ජීවත් වූහ. ඉන් සචිනි බරපතළ ලෙස මානසිකව ඇද වැටුණාය. එම හේතුව මත ඇයට අධ්‍යාපන කටයුතු ද නිසියාකාරව කරගෙන යෑමට නොහැකි වූවාය. අවසානයේ ඇය තම විවාහක සහෝදරයා ළඟට ගියාය. ඒ නිදහසේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑමේ අරමුණින්ය.
ඒක භාතියට ඇහිලා මටත් සින්දුවක් කියන්න කිව්වා අන්න එදා තමයි මගේ ජීවිතේ සංගීතය ආරම්භ වුණු දවස ‌
කෙලෙහිගුණය දත්  උමාරියා මුල මතක් කරයි

මෑත යුගයේ සංගීත ක්ෂේත්‍රයේ මහා පෙරළිකාර හඬ පෞරුෂයෙන් ප්‍රේක්‍ෂකාගාරයම නතු කරගනිමින් ලාංකේය ගායන ක්ෂේත්‍රය වෙනත් මානයකට රැගෙන යමින් සුමියුරු හඬින් රසික සිත් වාසඟයට පත් කරගත් සුරූපිනිය උමාරියා සිංහවංශ යි. විවිධ භාෂා ශෛලින්ගෙන් ගී ගැයීමට විශේෂ දක්‍ෂතාවක් ඇති උමාරියා පිළිබඳ ශ්‍රී ලාංකීය ප්‍රේක්‍ෂකයන්ගේ ආදරයෙන් අවධානයෙන් තව තවත් ඇයව ඇඳ බැඳගත්තේ පසුගියදා වනිතාභිමානී වසරේ ජනප්‍රියතම කාන්තාව ලෙස පිදුම් ලැබීමත් සමගිනි. මුළු රටක් ආදරය කරන ඇයට සිරිකත කතාබහ වෙනුවෙන් කළ ඇරයුමට ඇය බොහොම කාර්යබහුල වුවත්, එකතු වුණේ මෙලෙසනි.

උමාරියා ක්ෂේත්‍රයට ඇවිත් දැන් කෙතරම් කල්ද?
මම විවාහ වුනේ ගෙදරට හොරෙන්  
මම මවුපියන් අඬවලා ගත්ත තීරණය ගැන අද දුක් වෙනවා

කාලයක් පුංචි තිරයෙන් ප්‍රේක්ෂක ඔබ හමුවුනු ඇය දැන් අම්මා කෙනෙක්. ඒ වගේම ආයුර්වේද වෛද්‍යවරියක්. වසර ගණනාවක් ගනනාවක් ගතවුනත් තාමත් පුංචි තිරයේ සුදු නංගි ඇයයි.

කොයි කවුරුත් ඈට ආදරේට කතා කරන්නේ සුදු සුදුු නංගි කියලා.තමන් රංගනයෙන් දායකත්වය දැක්වූ ටෙලි නාට්‍යයක චරිත නමකින් අදටත් කෙනෙක්ව හඳුන්වනවා කියන්නේ ඇය හෝ ඔහු ඒ චරිතයට ඉහළම සාධාරණත්වයක් ඉෂ්ඨ කරා කියන දේයි.

ඉතින් මේ විදිහට හැමෝගෙම හදවතේ ඉන්න සුදු නංගි තමයි ජනප්‍රිය රංගන ශිල්පිනි අයෝමි ශානිකා.ඇය වර්තමානයේ නම් ශ්‍රී ලංකාවේ කලාවත් එක්ක සම්බන්ධ වෙලා නැහැ. 
කෝටියකට අධික වියදමක් දරමින්වැ සිය උපන්දිනය සැමරූ උර්වෂි
[PHOTOS]

'හේට් ස්ටෝරි' චිත්‍රපට මාලාව ඉන්දියානු සිනමාව තුළ මහත් ආන්දෝලනාත්මක විය. ඒ සඳහා චෝදනා විශාල ප්‍රමාණයක් එල්ලවූ බවද අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ. 

වැඩිහිටියන්ට වඩාත් සුදුසු ලේබලය යටතේ නිර්මාණය වූ (හේට් ස්ටෝරි) චිත්‍රපටයේ හතරවැන්න එළිදැක්වීමට මේ වන විට සූදානම් බව ඉන්දියානු වෙබ් අඩවි සඳහන් කරයි. එය ලබන වසරේ මාර්තු මාසයේ එළිදැක්වීමට නියමිතව බවත්, එම චිත්‍රපටයේ ප්‍රධාන චරිතය සඳහා උර්වෂි රවුටෙලා දායක වීමට නියමිත බවත් සඳහන් වෙයි. බොලිවුඩ් සිනමාවේ සිටින සරාගී නිළියන් අතරින් කෙනෙකු ලෙස බොහෝදෙනා ඇයව හඳුන්වයි.
මම කලුයි කියල කවුරුවත් මාව පොඩි කාලේ රගපාන්න ගත්තෙ නෑ 
- දිනක්ෂි ප්‍රියසාද්

දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ලංකාවෙ කලා තරු අතර ජනප්‍රියම තරුවක් කිව්වොත් නිවැරදියි. තරුවක් කියනවාටත් වඩා තරු මවක් හැටියට ඇයව හඳුන්වන්න පුළුවන්. පුංචි සාරන්‍යා නිසා ඇය දැන් වෙනදාටත් වඩා කාර්‍යබහුලයිලු.
කලා ආභාෂය කුඩා කාලයේ ඉදලම ලැබුණු දිනක්ෂි ළමා නිවේදිකාවක්, රංගන ශිල්පිනියක් වගේම කලා ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය චරිතයක්.

මේ වන විට රංගන ක්ශේෂ්ත්‍රයේ ඉන්න කැපී පෙනෙන චරිතයක් විදියට හදුන්වන්න පුලුවන් කඩවසම් රංගන ශිල්පියෙක් තමයි සාරංග දිසාසේකර කියන්නේ. සාරංග සමගින් විවාහ වෙලා ඉන්න දිනක්ෂි මේ වන විට උතුම් මව්පදවිය ලබන්න වාසනාවන්ත වුණා. සාරණ්‍යා බබාගේ හුරතලයත් එක්ක ප්‍රියසාද් පවුලට පළමුවෙන්ම ආව මිණිබිරිය ඇයයි.
රයිගම් සම්මාන 2022 ජනප්‍රියම නළුවා උද්දික නිළිය දුෂේනි

දිවයිනේ ප්‍රසිද්ධ පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදන සමාගමක් වන රයිගම් සමූහ සමාගම විසින් 2005 වර්ෂයේදී හඳුන්වා දුන් රයිගම් ටෙලීස් උළෙල මේ වනවිට දිවයිනේ ප්‍රමුඛතම මෙන්ම වඩාත් ආකර්ෂනීයම සම්මාන උළෙල ලෙස අඛණ්ඩව වර්ෂ 18ක් ඉතා සාර්ථකව පවත්වා ඇත.

විශේෂයෙන්ම නිර්මාණ විනිශ්චයේදී ඉහල ගුණාත්මක භාවයක් රඳවා ගැනීම, සෑම විටම නව්‍යකරනයෙන් යුත් සම්මාන උළෙලක් පැවැත්වීම සහ වැඩිම නාලිකා සංඛ්‍යාවක් ඔස්සේ විකාශය කිරීම මෙන්ම සමාජ මාධ්‍ය තුළ ඉහල අවධානයක් දිනාගැනීම වැනි හේතුන් මෙම තත්ත්වය කෙරෙහි බලපාන ලද ප්‍රධාන සාධක වේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements