Advertisement

මීමුරේ ගංවතුර සහනාධාර සියලු චෝදනා පූඡ්‍ය පඤ්ඤාරතන හිමි ප්‍රතික්ෂේප කරයි. 
දේශපාලන ප්‍රතිවාදී කතාවක් පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

මීමුරේ ගංවතුර ව්‍යසනය සම්බන්ධයෙන් මාර්ගගත වෙබ් අඩවියක් වන ‘ගොසිප්99’ මගින් පළ කරන ලද පුවතක් දැඩි මතභේදයක් ඇති කර තිබේ. එම පුවතෙන් මීමුරේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේට එරෙහිව ගංවතුර සහනාධාර මුදල් ගැටලුවක් සහ අධි සංවේදී පරිසර කලාපයක වසා ඇති මාර්ගයක්වන තංගප්පුව හරහා මීමුරේට ඇති මාර්ගය විවෘත කිරීමට කටයුතු කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවිය.

කෙසේ වෙතත්, එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කර සිටිති.ඒ ආරණ්‍ය සේනාසනය නමින් ඇති ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක්කරමිනි.

එය වටහා ගත් අප, සිදුවීම පිළිබඳව ගොසිප්99 අප  විසින් සිදු කළ වැඩිදුර සොයාබැලීමේදී හෙළිදරව් වී ඇත්තේ මෙම චෝදනා පිටුපස සංකීර්ණ දේශපාලනික පසුබිමක් ඇති බවකි. පිලිතුරු දීමේ අයිතිය වෙනුවෙන් අප උන්වහන්සේගේ පිලිතුරටද ඉඩක් වෙන්කෙරිනි.

‘ගොසිප්99’ පුවත කුමක්ද?

‘ගොසිප්99’ අප වෙත ගම්වාසීන් මෙන්ම සමාජජාලා ක්‍රියාකාරීන්ගෙන් ලැබුනු පුවතෙහි චෝදනා කර තිබුණේ ඒ හිමියන්ට ආධාර වශයෙන් ලැබුනු මුදල් අවභාවිතා කර ඇති බවත් ගුවනින් ලැබුනු ආධාර බෙදා දීමේදී ගම්වාසීන් කොටසකට  පමනක් ලැබී ඇති බවත්ය. තවද තංගප්පුව – කෝබර්ට්ස් ගැප් අධි සංවේදී මාර්ගය විවෘත කර ගැනීමට කුමන්ත්‍රණය කරන බවත්, ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ස්වාමීන් වහන්සේගේ සහාය ලබා ගන්නා බවත්ය.

ස්වාමීන් වහන්සේ විසින් එම සියලු චෝදනා ප්‍රතික්ෂේප කරයි..

පූජ්‍ය පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ මෙම චෝදනා සියල්ලක්ම සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරති. උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ:

“මෙම පුවත අසත්‍යයි. මා කිසිදු දේශපාලනඥයෙකු සමඟ එක්ව කටයුතු කරන්නෙ නෑ. තංගප්පුව හරහා මාර්ගය විවෘත කිරීමට මම උත්සුක වූයේ එවන විට මීමුරේ ප්‍රදේශයට පැමිණීමට කිසිදු මාර්ගයක් නොතිබූ නිසා පමණි. එය ජනතාවගේ දුක්ඛිත තත්ත්වය අවබෝධ කරගෙන ගත් ක්‍රියාමාර්ගයක් මිස වෙනත් අරමුණක් නොවේ යනුවෙනි.

ගොසිප්99 වැඩිදුර විමර්ශනය: දේශපාලනික ප්‍රතිවාදී කතාවක්?

කෙසේ වෙතත්, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ‘ගොසිප්99’ කාර්ය මණ්ඩලය විසින් සිදු කරන ලද වැඩිදුර තොරතුරු සෙවීමේදී වැදගත් කරුණු කිහිපයක් අනාවරණය වී ඇත.

එම විමර්ශනයට අනුව:

  • මීමුරේ ගම්වාසීන්ගෙන් සමහරෙකු පැවසුවේ මෙම චෝදනා පිටුපස සිටින්නේ තමන්ගේ ස්වයං මතිමතාන්තර දරන දේශපාලනික වශයෙන් පෙළගැසුණු පුද්ගලයන් පිරිසක් බවයි.
  • ප්‍රබල දේශපාලනඥයෙකු මෙම අධි සංවේදී ප්‍රදේශයේ ඉඩම් පෞද්ගලිකව හෝ බදු පදනම මත ලබා ගැනීමට උත්සුකව සිටින බවත්,
  • එම ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මාර්ගය විවෘත කිරීම අත්‍යවශ්‍ය වන බවත්,
  • එම මාර්ගය විවෘත කිරීමට දැඩි විරෝධයක් ඇති බැවින්, ස්වාමීන් වහන්සේගේ එම ප්‍රකාශය ඈදාගෙන ඊට එරෙහිව මහජන හැඟීම දේශපාලනිකව යොදා ගැනීමක් මෙම චෝදනා බවයි.

වෙනත් වචනවලින් කිවහොත්, හාමුදුරුවන් විසින් "මාර්ගය විවෘත කළ යුතුයි" යනුවෙන් කළ ප්‍රකාශය, ඔවුන්ගේ ඉලක්කයට අනුකූල වන අයුරින් විකෘති කොට ඉදිරිපත් කර ඇති බවට ගොසිප්99 විමර්ශනයේදී අනාවරණය වී තිබේ.

ගම්හිවාසීන් සහ විහාරස්ථානයේ දායකයන්ගේ පැහැදිලි කිරීම

විහාරස්ථානයේ දායකයන් ඇතුලු පිරිස් පෙන්වාදෙන්නේ:

“හාමුදුරුවෝ එම ප්‍රකාශය කළේ ගමේ ජනතාව ගැන සිතා මිසක් කිසිදු දේශපාලනඥයෙකුගේ උවමනාවක් සඳහා නොවේ. ගංවතුරෙන් සහ නායයාම්වලින් හුදෙකලා වූ ජනතාවට උපස්ථාන කිරීමට තිබූ එකම මාර්ගය ඒ වන විට අවහිර වී තිබුණි. ජනතාවගේ දුක නිසා හාමුදුරුවෝ එකඟ වූයේ එම මාර්ගය විවෘත කළ යුතු බවට පමණි. එම ප්‍රකාශය දේශපාලන කාරණයක් බවට පත් කර ඇත්තේ ඉඩම් ආශාවෙන් පෙලෙන බලවතුන් විසිනි.”

නිගමනය

මේ වන විට ඉදිරිපත් වී ඇති කරුණු අනුව, ‘ගොසිප්99’ වාර්තාව නිසැකවම මතභේදාත්මකය. නමුත් එම වාර්තාවට පදනම් වූ චෝදනා පූජ්‍ය පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ විසින් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත. එසේම ගොසිප්99 විසින්ම සිදු කළ වැඩිදුර විමර්ශනයකදී හෙළි වී ඇත්තේ,මෙම මාර්ගය විවෘත වුහහොත් එයි ප්‍රයොජනයක් ඇති හෝටල් කර්මානතයේ නියැලි සහ නව හෝටල් ඉදිකිරීමට සූධානමින් සිටින ව්‍යපාරිකයන් පිරිසක් මෙන්ම, සැබෑ ඉඩම් ආශාවක් ඇති ප්‍රබල දේශපාලනඥයෙකු විසින් මෙම ඉඩම අත්පත් කර ගැනීමේ උපක්‍රමයක් ලෙස ස්වාමීන් වහන්සේගේ ජනතාව වෙනුවෙන් සිදු කල ප්‍රකාශය ආශිර්වාධයක් කරගැනීමට කටයුතු කරමින් සිට ඇති බවයි. 

එය හරියාකාරව සන්නි වේදනය නොවූ  ඊට ප්‍රකෝපවූ පිරිස් ස්වාමීන් වහන්සේද දේශපාලඥයාට සහයෝගය ලබා දෙනවා යැයි ප්‍රකාශකරමින් තවත් ව්‍යජ කරුණු ගොතමින් ස්වාමින්වහන්සේ අපහසුතාවයට පත්වන ආකාරයෙන් ඒ පිලිබදව ගොසිප්99 අපටද තොරතුරු ලබාදී ඇති බවයි.ක

නමුත් පුජ්‍ය පඤ්ඤාරතන හිමි එම ප්‍රකාශය සිදුකර ඇත්තේ නිසැකවම ජනතා සුබ සිද්ධිය උදෙසා බව අපට අණාවරනය කර ගත හැකි වින.

මේ සම්බන්දයෙන් පුජ්‍ය පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේට යම් අපහසුතාවයක් ඇතිවූයේනම් ගොසිප්99 අපගේ කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.

වසර 16ක අඛණ්ඩ මාධ්‍ය කරණයේ නියැලෙන අප සත්‍ය ජනතාවට පැවසීමට පසුබට නොවන අතර ඒ සදහා නිරන්තරයෙන්ම නොබියව පෙල ගැසී සිටින බව යලිත් අප අවධාරණය කරන්නෙමු.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements