ගංවතුර සහනාධාරවලට මුවාවී, මීමුරේ ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේගෙන් කැත වැඩක. | Meemure
GOSSIP
,
gossip lanka
,
hotnews
,
Meemure
,
News
ගංවතුර සහනාධාරවලට මුවාවී,
මීමුරේ ආරණ්‍ය සේනාසනයේ විහාරාධිපති
පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේගෙන් කැත වැඩක.
පසුගිය ගංවතුර ව්‍යවසනයේදී මීමුරේ ගම්මානය දැඩි ලෙස ආපදාවට ලක් විය. මේ හරහා සිදු වූ දැවැන්ත මුදල් මංකොල්ලකෑමක් සහ ඊට සමගාමීව සිදුවන්නට තිබෙන තවත් දැවැන්ත ඉඩම් වංචාවක් ගැන අපි කරුණු කාරණා සහිතව වාර්තා කරන්නට කටයුතු කරමු.
මේ ව්‍යසනය හේතුවෙන් මීමුරේ ගම්මානයේ සන්නිවේදනය සම්පූර්ණයෙන්ම අඩාල විය. ඉතිරිව තිබුනේ මීමුරේ ආරණ්‍ය සේනාසනය සතුව තිබූ ස්ටාර්ලින්ක් පහසුකම පමණි. ඒ හරහා මේ තත්ත්වය දුටු සැණින්, ලෝ පුරා ජනතාව මීමුරේ මුදවා ගැනීම උදෙසා, ලක්ෂ ගණනින් ස්වාමීන් වහන්සේගේ ගිණුමට මුදල් බැර කරන ලදී. (ලක්ෂ 70කට වඩා වැඩි බැරකිරීම් පත් වල පිටපත් අප සතුව ඇත. ඒවා අවශ්‍ය වේලාවලදී ඉදිරිපත් කිරීමට කටයුතු කරමු.) නමුත් ඒ මුදල් කෙතරම් ගමේ වැඩ වලට යොමු වුනාදැයි දන්නේ දෙවියන් පමණි.
තම ආගමික බලය යොදාගෙන, යුධ හමුදාව ලවා සියළු වැඩ කරගනිමින්, හේනෙගෙදර හාමුදුරුවෝ සියළු මුදල් යටිමඩි ගසා ඇති බව, මීමුරේ ගම් වාසීන් අප වෙත දන්වා ඇත. එකම එක වියළි ආහාර පාර්සලයක් හාමුදුරුවන්ගේ වියදමින් තම ගම්මානයට නොලැබුණු බවට ඔවුන් ඡෝදනා කරති. කයිකාවල ගම්මානයේ මන්ත්‍රී ආරණ්‍යයට දමාගෙන ඔහුගේ මෙහෙයවීම සහ අනුදැනුම මත මෙම කූඨ උපාය මෙම හිමිනම සිදු කරන බවට ගම් වාසීන් චෝදනා කරති.
හාමුදුරුවන්ගේ බරපතලම සහ විනාශකාරීම ක්‍රියාව මෙම සහනාධාර කොල්ලකෑම නොවේය. මීමුරේ පාර අවහිරයැයි කියමින්, කෝබර්ට්ස් ගැප් සිට තංගප්පුව දක්වා අධි පරිසර සංවේදීතාවයකින් යුක්ත ප්‍රදේශය හරහා දිවෙන තහනම් කර ඇති පාර විවෘත කර ගැනීමට කූඨ ලෙස සැලසුම් කිරීමය. මෙය අදාල මන්ත්‍රී ලවා අන්තර්ජාලයට වීඩියෝ දමා වන සංරක්ෂණ නිලධාරීන්ට පවා බැන වදිමින් වීඩියෝ නිකුත් කරන්නට කටයුතු කරමින් සිටී.
අප මේ පිළිබඳව සොයා බලන්නට කටයුතු කලේ මෙහි හේතුව දැන ගැනීමටය. හේතුව ඉතාම අශිෂ්ඨය. විනාශදායකය. තංගප්පුව, කෝබට්ස්ගැප් මාර්ගයේ කිලෝමීටර් දෙකක පමණ දුරකින් තිබෙන ආකර්ෂණීය ඉඩම් කැබැල්ලකට හාමුදුරුවන්ගේ බැල්ම වැටී ඇත. මුහුදු මට්ටමේ සිට අඩි 3000කට වැඩි, අධි සංවේදී පරිසර කලාපයක් අත්පත් කර ගැනීමේ අරමුණින්, උන් වහන්සේ මෙසේ ගමේ මන්ත්‍රීවරයා සහ ඔහුගේ සහෝදරයා හරහා වීඩියෝ දම්මවමින්, රාජ්‍ය නිලධාරීන්ට බැන වැදීමට කටයුතු කරමින් ඇත.
මෙය කෙතරම් දරුණු තත්ත්වයකට ගියේද යැයි කිවහොත්, ඇමති ලාල් කාන්ත මෙම මාර්ගය විවෘත කිරීමට පසු ගියදා අත්‍යාවශ්‍ය කොමසාරිස්ගෙන් ඉල්ලීම් කල අතර, අඩවි වන නිලධාරීගේ බලවත් ප්‍රයත්නය මත එම නියෝගය අකුලාගන්නට ඔවුන්ට සිදු විය.
මෙසේ තණ්හාධික භික්ෂුවකගෙන් මීමුරේ ගම්මානයට සිදුවන සේවය කුමක්දැයි අපි අදාල බලධාරීන්ගෙන් ප්‍රශ්ණ කර සිටිමු.