අනුර ජනාධිපති වෙලා මාස දෙකෙන් රට බංකොලොත්භාවයෙන් මුදාගත්තා
2022 සිට 2024 දෙසැම්බර් දක්වා බංකොලොත්ව පැවති රටක් තම ආණ්ඩුව ස්ථාවර කරමින් ගමනක් යන බව අමාත්‍ය වසන්ත සමරසිංහ පවසයි.
“මීට අවුරුදු එකහමාරකට කලින් බංකොලොත් වෙල තිබ්බ රටක් මේක. ඒ රට අපි මේ ස්ථාවර කරමින් යන්නේ. 2022 ඉඳන් 2024 දෙසැම්බර් වෙනකල් බංකොලොත් රටක් විදිහට නම් කරලා තිබ්බේ.අපි ගන්න කොට බංකොලොත් රටක් මේක. 2024 දෙසැම්බර් බංකොලොත්භාවයෙන් නිදහස් වුණේ.”


