අපෙන් ඈත් වූ බොහෝ දෙනෙක් යළි එකතු වෙනවා
මන්ත්‍රී නාමල් රාජපක්ෂ
ඉවත්ව ගිය බොහෝ පිරිසක් යළි පක්ෂය සමඟ එක්වෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ පක්ෂ මූලස්ථානයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙලෙස ද කීවේය.“අපි මේ වන විට ගම් මට්ටමින් පක්ෂය ශක්තිමත් කරමින් යනවා. අපෙන් ඈත් වෙලා ගිය බොහෝ පිරිසක් දැන් අපට එකතු වෙමින් ඉන්නවා. ඉදිරි කාලයේදී අපේ දේශපාලන බලවේගය විශ්වාස කරමින් විශාල පිරිසක් අප සමඟ එක්වෙන්න තීරණය කර තිබෙනවා. අපි ශාඛා සමිති ටික හදන්න පටන් ගත්තා. අපේ සමිතිවලට එකතු වෙන්නත් බොහෝ පිරිසක් අවස්ථාව ඉල්ලනවා. ඇත්ත කතා කරන, බොරු කියන්නෙ නැති, ජනතාවගේ ප්‍රශ්න හඳුනාගෙන උත්තර හොයන්න පුළුවන් ප්‍රායෝගික පිරිසක් අපි එක්ක ඉන්නවා. දෙපයෙන් හිටගන්න පුළුවන් පක්ෂයක් විදියට අපි ගොඩනැඟෙමින් ඉන්නවා. එලෙස නැඟී සිටින්න අවශ්‍ය ශක්තිය අපට තිබෙනවා. වෙනසක් කරන්න හිතාගෙන ගිය අයට අද ඇත්ත තේරුම් යමින් තිබෙනවා. තමන්ගේ අතින් වූ වරද යළි හදන බවට ඒ ජනතාව අපට පොරොන්දු වෙලා තිබෙනවා. මේ ආණ්ඩුව උතුරේ ජනතාවට, නැඟෙනහිර ජනතාවට විශාල හඬක් නඟනවා.
විශේෂයෙන්ම උතුරේ ජනතාව වෙනුවෙන්. ඒ අයට පළාත් සභා මැතිවරණයක් තියයි කියලා මම හිතනවා. දකුණු පළාත් සභාවලත් මහ ඇමැතිවරුන් වෙනුවට ආණ්ඩුකාරවරුන් පත් කර තියෙනවා. ආණ්ඩුකාරවරුන්ගේ හිතුමතේට වැඩ කරනවා. අද අප තීරණය කළ යුත්තේ පක්ෂයක් විදියට ගොඩනැඟෙන එක ගැනයි. ප්‍රතිපත්තිමය වශයෙන් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව ඉටු කරන්න අවශ්‍ය දේශපාලන තීන්දුව අපි ගන්නවා.”
නුවන් කොඩිකාර