යුද්ධ කළේ අපෙන් අහලා නෙමෙයි… දිනුවෙත් නෑ!
රට කම්පා කළ අගමැතිනියගේ වචන
යුද්ධය අවසන් වී වසර ගණනාවක් ගතවුවද ජනතාවගේ හදවත් තුළ සැබෑ සාමය සම්පූර්ණයෙන්ම ස්ථාපිත වී තිබේද යන්න තවමත් ප්‍රශ්නයක් බව අග්‍රාමාත්‍යවරිය ප්‍රකාශ කර තිබේ.
හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ යුද්ධ ආරම්භ කිරීම හෝ එය පවත්වාගෙන යාම ජනතාවගේ කැමැත්තෙන් සිදු නොවූවත්, එහි බරපතළ ප්‍රතිවිපාක විශේෂයෙන් කාන්තාවන්ට භුක්ති විඳීමට සිදු වූ බවයි. ජාතිවාදය, ප්‍රචණ්ඩත්වය සහ යුද්ධය මඟින් ජයග්‍රහණය ලබාගත්තේ සාමාන්‍ය ජනතාව නොවන බවද ඇය අවධාරණය කළාය.ඇය සඳහන් කළේ යුද්ධ සමයේ ජනතාව බෙදා බලය අල්ලාගත් පිරිස් අද වන විට සුඛෝපභෝගී ජීවිත ගත කරන අතර එදා බෙදී ගිය සාමාන්‍ය ජනතාව තවමත් දුෂ්කරතා මුහුණ දෙන බවයි. වත්මන් රජය ජාතිවාදයට එරෙහිව ක්‍රියාත්මක වුවද ඇතැම් දේශපාලන බලවේග බලය ලබාගැනීම සඳහා තවමත් අසමගිය සහ වෛරය උත්තේජනය කිරීමට උත්සාහ කරන බවද ඇය ප්‍රකාශ කළාය.
එවැනි බලවේග සඳහා ප්‍රජාතන්ත්‍රවාදය, නීතියේ සමානාත්මතාව හෝ ජනතාවගේ ආර්ථික සුභසාධනය ප්‍රමුඛ නොවන අතර, ඔවුන්ගේ අරමුණ බලය පවත්වා ගැනීම බව ජනතාව අවබෝධ කරගත යුතු බවද අග්‍රාමාත්‍යවරිය සඳහන් කළාය.
මෙම අදහස් ඇය පළ කළේ මන්නාරම දිස්ත්‍රික් කාන්තා හමුවක් අමතමින්ය. ඇය වැඩිදුරටත් අවධාරණය කළේ ශ්‍රී ලංකාව තුළ ස්ථිර සාමය ස්ථාපිත කිරීම සඳහා සමාජ එකමුතුව සහ විශ්වාසය ගොඩනැගීම අත්‍යවශ්‍ය බවයි.