Mr. Kottu වසා දමන්න අධිකරණ නියෝගයක්! | Court Orders Closure of Mr. Kottu
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
Mr. Kottu
,
News
Mr. Kottu වසා දමන්න අධිකරණ නියෝගයක්!
මීගමුව ප්‍රදේශයේ පිහිටි ආපන ශාලාවක් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ගයක් ලෙස එය තාවකාලිකව වසා දැමීමට අධිකරණය නියෝග කර තිබේ.
මීගමුව මහාධිකරණය විසින් පෙබරවාරි 12 දින නිකුත් කළ මෙම නියෝගය අනුව Mr. කොත්තු ආපන ශාලාව දින 14ක කාලයක් සඳහා වසා තබා අඩුපාඩු සම්පූර්ණයෙන්ම නිවැරදි කළ යුතු බවට නියම කර ඇත.
මෙම නඩුව ගොනු කර තිබුණේ ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ. සුරංග විසිනි. ඔහු අධිකරණයට දැනුම් දී තිබුණේ එම ආපන ශාලාවේ මුළුතැන්ගෙයි අපජලය තාප්පයක් සිදුරු කර බටයක් මගින් පාරට මුදාහැර ඇති බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නඩුව මුලින්ම කැඳවූ අවස්ථාව වන ඉකුත් 22 වැනිදා අධිකරණය විසින් එම ස්ථානය දින 14ක් වසා අඩුපාඩු සකස් කරන ලෙස නියෝග කර තිබුණද, එම නියෝගය නියමිත පරිදි ඉටු නොකිරීම හේතුවෙන් දැඩි නියෝගයක් ලෙස නැවත වසා දැමීමට තීරණය කර ඇත.
මීගමුව ගල්කන්ද හංදිය ප්‍රදේශයේ පිහිටි මෙම ආපන ශාලාව සම්බන්ධයෙන් සෞඛ්‍ය සහ පරිසර සුරක්ෂිතතාවය උල්ලංඝනය කිරීම පිළිබඳව පරීක්ෂණ තවදුරටත් සිදු කෙරෙන බව වාර්තා වේ.