“ඉන්ධන ගබඩා මදි” කියන ආණ්ඩුව තියෙන ටැංකිවලින් පුරවා තිබුනේ 40%ක් පමණයි. අපිට මාස 2යි දවස් 10කට ඉන්දන ගබඩා කරන්න පුළුවම් – පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කරයි | Only 40% of Fuel Tanks Filled Despite ‘Storage Shortage’ Claims — Alleges D. V. Chanaka
GOSSIP
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
“ඉන්ධන ගබඩා මදි” කියන ආණ්ඩුව තියෙන ටැංකිවලින් පුරවා තිබුනේ 40%ක් පමණයි.
අපිට මාස 2යි දවස් 10කට ඉන්දන ගබඩා කරන්න පුළුවම්
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක චෝදනා කරයි
කොළඹ, මාර්තු 31 – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ඉන්ධන පිරවීමට ගබඩා ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කළද, දැනට පවතින ගබඩාවලින් ඉන්ධන පුරවා ඇත්තේ 40%ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු බලෂක්ති නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.
කොළඹ, මාර්තු 31 – ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රටේ ඉන්ධන පිරවීමට ගබඩා ප්‍රමාණවත් නැතැයි ප්‍රකාශ කළද, දැනට පවතින ගබඩාවලින් ඉන්ධන පුරවා ඇත්තේ 40%ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු බලෂක්ති නියෝජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පවසයි.
‘හිරු බලය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින් අද (31) අදහස් දැක්වූ මන්ත්‍රීවරයා රටට අවශ්‍ය ඩීසල් මාස දෙකයි දවස් දහයක් ගබඩා කර තබාගැනීම සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් මේ වන විටත් පවතින බව පෙන්වා දුන්නේය.
“මෙට්‍රික් ටොන් ලක්ෂ පහමාරක ධාරිතාවක් තියෙනවා”
මන්ත්‍රී ඩී.වී. චානක මහතා මෙසේ අදහස් දැක්වීය:
“සමස්තයක් ලෙස මෙට්‍රික් ටොන් ලක්ෂ පහමාරකට (550,000 MT) ආසන්න ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාවක් රට තුළ පවතිනවා. මාසයකට ඉන්ධන නැව් 10ක් ගෙනැවිත් ගොඩබෑමේ (Unload) හැකියාව අප සතුව පවතිනවා. ඒත් දැනට පවතින ගබඩාවලින් ඉන්ධන පුරවා ඇත්තේ 40%ක් පමණයි. 60%ක් හිස්ව තබාගෙන තමයි ආණ්ඩුව ක්‍රියා කරන්නේ.”
“ත්‍රිකුණාමලයේ ටැංකි ප්‍රතිසංස්කරණය නතර කළා”
පසුගිය රජය සමයේ කොළොන්නාවේ ඉන්ධන ටැංකි හයක සහ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පහක ප්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කර තිබූ බවත්, විශේෂයෙන් ත්‍රිකුණාමලයේ ටැංකි පහේ කටයුතු 2025 ජනවාරි මාසය වන විට අවසන් කිරීමට නියමිතව තිබූ බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් චෝදනා කළේ, වර්තමාන ආණ්ඩුව එම කටයුතු මාස 5ක් 6ක් පමණ නතර කර දමා, පසුව ඒවා අලුතින්ම තමන් ආරම්භ කළ ව්‍යාපෘති ලෙස සමාජගත කිරීමට උත්සාහ කරමින් සිටින බවයි.
“නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කීවා වගේ”
මෙම තත්ත්වය පිළිබඳව අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය:
“ආරම්භ කර තිබූ ඉන්ධන ගබඩා ඉදිකිරීම් කල් දමමින් සහ දැනට පවතින ගබඩාවලින්ද 40%ක් පමණක් පුරවා තවත් 60%ක් හිස්ව තබාගනිමින් ආණ්ඩුව ක්‍රියා කරනවා. අවශ්‍ය නම් එම හිස්ව ඇති 60%ක ප්‍රමාණය ද පිරවීමේ හැකියාව තිබියදී, තමන්ගේ නොහැකියාව වසාගැනීමට ‘නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කීවා සේ’ ආණ්ඩුව වෙනත් පාර්ශ්වයන්ට චෝදනා නගමින් තියෙනවා.”
ජනාධිපතිවරයාගේ පෙර ප්‍රකාශය
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට පෙර අදහස් දක්වමින් රටේ ඉන්ධන ගබඩා කිරීමේ ධාරිතාව ප්‍රමාණවත් නොමැති බවට ප්‍රකාශ කර තිබුණි. එම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රී චානක මහතා මෙම චෝදනා එල්ල කර ඇත.
මෙම චෝදනා සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍යාංශය හෝ ජනාධිපති කාර්යාලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

