ශ්‍රී ලංකා රග්බි සංගමය ඇතුළේ අර්බුදයක්?
තීරණ කිහිපයක් ගැන දැඩි චෝදනා
Sri Lanka Rugby යටතේ පාලනය වන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අද වන විට බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් පවතින බව ක්‍රීඩා ලෝකයේ විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි.
සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු විසින් ගනු ලබන ඇතැම් තීරණ ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනයට වඩා සමාජ කණ්ඩායම් කිහිපයකට වාසිදායක වන බවටද විවේචන එල්ල වෙමින් පවතී.
විනිසුරුවන්ගේ කටයුතු, තරඟ සංවිධානය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ගැටලු රැසක් මතුව ඇති අතර, ගම් මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට ජාත්‍යන්තර බලපෑම් සහ පෞද්ගලික බලය වෙත වැඩි අවධානයක් යොමු වී ඇති බවටද චෝදනා පවතී.විශේෂයෙන් කාන්තා රග්බි ක්‍රීඩාව සහ බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජ සංවර්ධනය ප්‍රමාණවත් ලෙස සිදු නොවන බවද ක්‍රීඩා ලෝලීන් අවධාරණය කරති. එය රටේ රග්බි ක්‍රීඩාවේ දිගුකාලීන අනාගතයට බරපතල බලපෑමක් විය හැකි බවද සඳහන් වේ.
මේ අතර, මේ සතියේ පැවැත්වීමට නියමිත අන්තර් ක්‍රීඩා සමාජීය සත් සාමාජික රග්බි තරඟාවලිය සම්බන්ධයෙන්ද විවිධ සැක සහ ප්‍රශ්න මතුව තිබේ. විදේශීය ක්‍රීඩකයන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් සාධාරණ හා පැහැදිලි ක්‍රමවේදයක් නොමැති බවට චෝදනා එල්ල වන අතර, එක් කණ්ඩායමකට පමණක් එම අවස්ථාව ලබාදී ඇති බවටද විවේචන පවතී.
එමෙන්ම එක්සත් අරාබි එමීර රාජ්‍යය සිට පැමිණෙන UUDS කණ්ඩායමට මෙම තරඟාවලියට සහභාගී වීමට අවසර ලබාදීම සම්බන්ධයෙන්ද නීතිමය සහ පාලනමය ප්‍රශ්න මතුව ඇති බව වාර්තා වේ.
මෙවැනි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තවදුරටත් පසුබැසීමේ අවදානමක් පවතින බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දෙයි.
මෙම කරුණු සම්බන්ධයෙන් ගරු ක්‍රීඩා අමාත්‍යවරයාගේ අවධානය කඩිනමින් යොමු විය යුතු බවද විවිධ පාර්ශ්ව ඉල්ලීමක් කරති.
එමෙන්ම මෙම තරඟාවලිය සම්බන්ධයෙන් ක්‍රීඩා සමාජ කිහිපයක් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් වන බවටද වාර්තා වෙමින් පවතී.