දැඩි මතබේදයට තුඩුදුන් මීමුරේ පුවතේ දේශපාලන ප්‍රතිවාදී කතාවක් පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?
‘ගොසිප්99’ වෙබ් අඩවිය පළ කළ මීමුරේ දිට්ටා සුලුකුණාට සමග ඇති වූ ව්‍යසනය හා සබැඳි පුවතක් දැඩි මතභේදයක් ඇති කර තිබුනි.
විශේෂයෙන් එම පුවතෙන් මීමුරේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි. ගංවතුර සහනාධාර මුදල් අවභාවිතා කිරීමක් සහ අධි සංවේදී පරිසර කලාපයක පිහිටි තංගප්පුව හරහා මීමුරේට යන මාර්ගය විවෘත කිරීමට කටයුතු කිරීම එම චෝදනා අතර විය.කෙසේ වෙතත්, ස්වාමීන් වහන්සේ එම චෝදනා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමින් ගොසිප්99 පුවත ව්‍යාජ තොරතුරු සහිත එකක් බව ප්‍රකාශ කර තිබුනි. මීමුරේ ආරණ්‍ය සේනාසනය නමින් ක්‍රියාත්මක ෆේස්බුක් පිටුවට වීඩියෝවක් එක් කරමින් ඒ බව ප්‍රකාශකර තිබුනි.
‘ගොසිප්99’ පුවතේ අන්තර්ගතය
‘ගොසිප්99’ වෙත ගම්වාසීන් සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව එම පුවතේ චෝදනා කර තිබුණේ,
විමර්ශනය : ආන්දෝලනාත්මක සැගවුනු දේශපාලනික පසුබිමක් හෙළි වෙයි
ස්වාමීන් වහන්සේ විසින් එම පුවත ව්‍යජ පුවත් බව පැවසීමත් සමග ‘ගොසිප්99’ කාර්ය මණ්ඩලය විසින් අප වෙත වාර්තා වූ ඒ පුවතෙහි ඇතුලත් කරුණු පිළබදව නැවත සිදු කළ වැඩිදුර විමර්ශනයේදී වැදගත් කරුණු කිහිපයක් අනාවරණය විය.
මීමුරේ ගම්වාසීන්ගෙන් සමහරෙකු පෙන්වා දුන්නේ මෙම චෝදනා පිටුපස සිටින්නේ තම ස්වකීය මතවාද දරන දේශපාලනික වශයෙන් පෙළගැසුණු පුද්ගලයන් පිරිසක් බවයි.
විමර්ශනයේදී තවදුරටත් හෙළිදරව් වූයේ:
වෙනත් වචනවලින් කිවහොත්, ස්වාමීන් වහන්සේ විසින් "මාර්ගය විවෘත කළ යුතුයි" යනුවෙන් කළ ප්‍රකාශය, ඔවුන්ගේ ඉලක්ක සාධාරණීකරණය කර ගැනීමට විකෘති කර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
ගම්වාසීන්ගේ පැහැදිලි කිරීම
අප අහඹුලෙස තෝරාගත් ගම්වාසීන් කිහිප දෙනෙකුගෙන් මේ පිලිබදව තොරතුරු විමසූ අතර ඔවුන් මෙසේ ප්‍රකාශ කලහ,
“හාමුදුරුවෝ එම ප්‍රකාශය කළේ ගමේ ජනතාව ගැන සිතා මිස කිසිදු දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාවක් සඳහා නොවේ. ගංවතුරෙන් සහ නායයාම්වලින් හුදෙකලා වූ ජනතාවට සහන සැපයීමට තිබූ එකම මාර්ගය ඒ වන විට අවහිර වී තිබුණි. එම දුෂ්කරතාවය නිසා ගමට එන්නට පුලුවම් තිබූ විකල්ප මාර්ගය තමයි තංගපුපව හරහා එන පාර. හාමුදුරුවෝ එම මාර්ගය විවෘත කරල හරි ගමට එමු කියල ප්‍රකාශ කලා. එම ප්‍රකාශය දේශපාලන කාරණයක් බවට පත් කර ඇත්තේ විවිධ දේශපාලන කෝනයෙන් බලන පිරිස් මෙන්ම ඉඩම් ආශාවෙන් පෙළෙන බලවතුන් විසින් සහ ඔවුනට සහාය දක්වන ගම්වාසීන් කිහිප දෙනෙකු විසින්. හාමුදුරුවන්ගෙ ප්‍රකාශය විවිධ අයුරින් ඔවුගේ ඕනෑ එපාකම් සදහා ඒක ආශිර්වාධයක් කරගත්තා.
සියලු කාරනා හමුවේ ගොසිප්99 අපගේ නිගමනය.
මේ වන විට ඉදිරිපත් වී ඇති කරුණු අනුව ‘ගොසිප්99’ වාර්තාව මතභේදාත්මක එකක් බව පැහැදිලි වේ. අප විසින් සිදු කළ විමර්ශනයෙන්ද හෙළි වී ඇත්තේ, මාර්ගය විවෘත වුවහොත් එයින් ප්‍රතිලාභ ලබන හෝටල් කර්මාන්තකරුවන් සහ නව හෝටල් ඉදිකිරීමට සූදානමින් සිටින ව්‍යාපාරිකයන්, තම ඉලක්ක සාධාරණීකරණය කර ගැනීමට ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය ආශිර්වාදයක් කර ගැනීමට උත්සාහ දරා ඇති බවයි.
ප්‍රාදේශීය මන්ත්‍රීවරයෙකු මෙම සහන කටයුතු සඳහා විහාරස්ථානය සමග එක්ව කටයුතු කර ඇති බවත්, ඔහුට විරුද්ධ පාර්ශ්වයන් විසින් මෙම ව්‍යජ කතා ගොතමින් ස්වාමීන්වහන්සේද අපහසුතාවයට ලක්වන අයුරින් ස්වාමීන් වහන්සේ සමග ඔුහු සිදු කරන ක්‍රියාදාමයන් වලක්වාලීම සදහා විවිධ මාධ්‍යවලට අසත්‍ය කරුණු අඩංගු පුවත් සපයා ඇති බවත් විමර්ශනයෙන් අනාවරණය විය.
කෙසේ වෙතත්, පූජ්‍ය පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේ එම ප්‍රකාශය සහ එම කටයුතු සිදු කර ඇත්තේ ජනතා සුබසිද්ධිය උදෙසා බව අපට නිගමනය කළ හැකිය.
මේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේට කිසියම් අපහසුතාවයක් ඇති වී ඇත්නම් ‘ගොසිප්99’ අපගේ අවංක කණගාටුව ප්‍රකාශ කරන්නෙමු.
වගකීම් ප්‍රකාශය
වසර 16ක් අඛණ්ඩව මාධ්‍ය කටයුතුවල නියැලෙන අප, සත්‍යය ජනතාව වෙත ගෙන යාමට පසුබට නොවන බවත්, ඒ සඳහා නිරන්තරයෙන්ම නිර්භීතව කටයුතු කරන බවත් අවධාරණය කරමු.
මෙම ලිපිය හරහා කිසියම් පාර්ශ්වයකට අපහසුතාවයක් ඇති වී ඇත්නම්, පිළිතුරු දීමේ අවකාශය විවෘතව පවතින බවද, එම පාර්ශ්වයට ‘ගොසිප්99’ තුළ සිය පිළිතුරු ඉදිරිපත් කිරීමට අවස්ථාව වෙන් කරන බවද සඳහන් කරමු.
මෙම විමර්ශනය සාර්ථක කර ගැනීමට සහාය වූ සියලු දෙනාටත්, තොරතුරු සොයා ගැනීමට මග පෑදූ උඩුදුම්බර පොලිස් ස්ථානාධිපති ඇතුළු සියලු නිලධාරීන්ට අපගේ ස්තූතිය පුද කර සිටින්නෙමු.
‘ගොසිප්99’

- දිට්ටා සුලි කුණාටුවෙන් පසු ඒ හිමියන්ට ලැබුණු ආධාර මුදල් අවභාවිතා කර ඇති බවත්,
- ගුවනින් ලැබුණු ආධාර බෙදා දීමේදී ගම්වාසීන්ගෙන් කොටසකට පමණක් එම ආධාර හිමිව ඇති බවත්,
- තංගප්පුව – කෝබර්ට්ස් ගැප් අධි සංවේදී මාර්ගය විවෘත කර ගැනීමට කුමන්ත්‍රණයක් සිදුවන බවත්,
- ඒ සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයෙකු ස්වාමීන් වහන්සේගේ සහාය ලබා ගන්නා බවත්ය.
විමර්ශනය : ආන්දෝලනාත්මක සැගවුනු දේශපාලනික පසුබිමක් හෙළි වෙයි
ස්වාමීන් වහන්සේ විසින් එම පුවත ව්‍යජ පුවත් බව පැවසීමත් සමග ‘ගොසිප්99’ කාර්ය මණ්ඩලය විසින් අප වෙත වාර්තා වූ ඒ පුවතෙහි ඇතුලත් කරුණු පිළබදව නැවත සිදු කළ වැඩිදුර විමර්ශනයේදී වැදගත් කරුණු කිහිපයක් අනාවරණය විය.
මීමුරේ ගම්වාසීන්ගෙන් සමහරෙකු පෙන්වා දුන්නේ මෙම චෝදනා පිටුපස සිටින්නේ තම ස්වකීය මතවාද දරන දේශපාලනික වශයෙන් පෙළගැසුණු පුද්ගලයන් පිරිසක් බවයි.
විමර්ශනයේදී තවදුරටත් හෙළිදරව් වූයේ:
- ප්‍රබල දේශපාලනඥයෙකු හරහා හෝටල් ව්‍යාපාරිකයන් පිරිසක් මෙම අධි සංවේදී ප්‍රදේශයේ ඉඩම් පෞද්ගලිකව හෝ බදු පදනම මත ලබා ගැනීමට උත්සුකව සිටින බව,
- එම ඉඩම් අත්පත් කර ගැනීම සඳහා මාර්ගය විවෘත කිරීම අත්‍යවශ්‍ය වන බව,
- එම මාර්ගය විවෘත කිරීමට දැඩි විරෝධයක් පවතින බැවින්, ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය ඈඳාගෙන ඊට එරෙහිව මහජන හැඟීම දේශපාලනිකව යොදා ගැනීමක් ලෙස මෙම චෝදනා ගොඩනගා ඇති බවයි.
වෙනත් වචනවලින් කිවහොත්, ස්වාමීන් වහන්සේ විසින් "මාර්ගය විවෘත කළ යුතුයි" යනුවෙන් කළ ප්‍රකාශය, ඔවුන්ගේ ඉලක්ක සාධාරණීකරණය කර ගැනීමට විකෘති කර ඇති බව විමර්ශනයේදී පෙනී ගොස් තිබේ.
ගම්වාසීන්ගේ පැහැදිලි කිරීම
අප අහඹුලෙස තෝරාගත් ගම්වාසීන් කිහිප දෙනෙකුගෙන් මේ පිලිබදව තොරතුරු විමසූ අතර ඔවුන් මෙසේ ප්‍රකාශ කලහ,
“හාමුදුරුවෝ එම ප්‍රකාශය කළේ ගමේ ජනතාව ගැන සිතා මිස කිසිදු දේශපාලනඥයෙකුගේ අවශ්‍යතාවක් සඳහා නොවේ. ගංවතුරෙන් සහ නායයාම්වලින් හුදෙකලා වූ ජනතාවට සහන සැපයීමට තිබූ එකම මාර්ගය ඒ වන විට අවහිර වී තිබුණි. එම දුෂ්කරතාවය නිසා ගමට එන්නට පුලුවම් තිබූ විකල්ප මාර්ගය තමයි තංගපුපව හරහා එන පාර. හාමුදුරුවෝ එම මාර්ගය විවෘත කරල හරි ගමට එමු කියල ප්‍රකාශ කලා. එම ප්‍රකාශය දේශපාලන කාරණයක් බවට පත් කර ඇත්තේ විවිධ දේශපාලන කෝනයෙන් බලන පිරිස් මෙන්ම ඉඩම් ආශාවෙන් පෙළෙන බලවතුන් විසින් සහ ඔවුනට සහාය දක්වන ගම්වාසීන් කිහිප දෙනෙකු විසින්. හාමුදුරුවන්ගෙ ප්‍රකාශය විවිධ අයුරින් ඔවුගේ ඕනෑ එපාකම් සදහා ඒක ආශිර්වාධයක් කරගත්තා.
හාමුදුරුවො ලැබෙන ආධාර නිසි අකාරව බෙදුවා. අනෙක ඒව කලේ පොලීසියෙන් හමුදුරුවො පහසුකම් සැපයුවා විතරයි යනුවෙනි.