Advertisement

දේශපාලන හයියෙන් අනුරාධපුර  වැව් රක්ෂිතයේ හෝටල් හදන ඥානක්කා 
රටේ රජවරු සිටුවරු සාත්තර අහන්නේ මැයගෙන්ලු

ප‍්‍රබල දේශපාලන බලධරයන්ගේ අතින් එසවූ දෝලාවල නැගගත් දේවාලවල කපු නෝනලාට අසීමිත දේශපාලන බලය ලැබෙන විට නීතිය නිහඬ කළ හැකිද? මෙම දේශපාලන ක්‍රියාදාම රාමුවට මුවා වී මුදල් හා දේපොළ හම්බ කිරීමද මීට සමාන්තරව සිදු වෙයි. 

එවන් ක්‍රියාදාමයක් වාර්තා වෙන්නේ අනුරාධපුර නගරයෙනි. දේශපාලකයන්ගේ සාස්තර ගෙදර නමින් හඳුන්වන ඥානාමැණියන්ගේ දේවාලය ඊට කදිම නිදසුනකි. අනුරාධපුර ජනතාව අතර ඥානක්කා නමින් ප්‍රසිද්ධ මෙම සාස්තරකාරිය මෙහි ප්‍රධාන චරිතයයි. ඇය සාස්තර සහ අනාවැකි කියමින් මෙරට දේශපාලකයින්ගේ සිත්දිනා ගන්න දක්ෂය.

රට කරවන්නන්ගේ මුල් අසුන්වල පටන් මැති ඇමැතිවරුන්, විපක්ෂයේ මන්ත්‍රීවරුන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙන්ම ඇතැම් ප්‍රසිද්ධ නිළමේලාද ඥානක්කාගේ සාස්තර සාමාජිකයෝය. තවත් පිරිසක් වන්නේ ව්‍යාපාරිකයින්ය. උගත් බුද්ධිමත් විද්වත් ආචාර්ය මහාචාර්යවරු පවා මේවෙන විට ඥාන අක්කාගේ සාමාජිකයින් වී හමාරය. එසේම තරුණ පිරිස් ද ඥානක්කාගේ සාමාජිකයින්ය. මේ අය හඳුනා ගැනීම පහසුය. ඔවුන් අතේ රතු නූලක් බැද ඇත. එය ඥානක්කාගේ සාමාජිකයින් හඳුනාගැනීමට ඇති සංකේතයකි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements