Advertisement

රනිල්ට ආරාධනා කළේ අපි!
වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CIDයට කියයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ 2023 වසරේ University of Wolverhampton හි උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබූ බවත්, එහිදී ඔහුගේ බිරිඳ වන මෛත්‍රී වික්‍රමසිංහට ගෞරව මහාචාර්ය පදවියක් පිරිනමන ලද බවත් එම විශ්වවිද්‍යාලය Criminal Investigation Department (Sri Lanka) වෙත දැනුම් දී ඇති බව ‘Sunday Times’ පුවත්පත වාර්තා කරයි.

මෙම තොරතුරු ලබාදී ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව CIDය කළ විමසුමකට ප්‍රතිචාර වශයෙන් බව සඳහන් වේ. එසේම, අදාළ විශ්වවිද්‍යාලය රාජ්‍ය අරමුදල් ලබන රජයට අනුබද්ධ ආයතනයක් බවද එහි උපකුලපතිවරයා CID අධ්‍යක්ෂවරයාට දන්වා තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements