වුල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය CIDයට කියයි
මෙම තොරතුරු ලබාදී ඇත්තේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් නිකුත් කළ නියෝගයකට අනුව CIDය කළ විමසුමකට ප්‍රතිචාර වශයෙන් බව සඳහන් වේ. එසේම, අදාළ විශ්වවිද්‍යාලය රාජ්‍ය අරමුදල් ලබන රජයට අනුබද්ධ ආයතනයක් බවද එහි උපකුලපතිවරයා CID අධ්‍යක්ෂවරයාට දන්වා තිබේ.මෙම සිද්ධිය සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නීති සහයෝගීතා ක්‍රමවේදය යටතේ තොරතුරු ලබාගැනීම සැලසුම් කර තිබුණද, CIDය විසින් සෘජුවම විද්‍යුත් තැපෑලක් මගින් ප්‍රශ්න මාලාවක් යොමු කර ඇති අතර, ඒ සඳහා විශ්වවිද්‍යාලයෙන් පිළිතුරු ලැබී ඇත.
ඒ අතර, මෙම පිළිතුරු පිළිබඳව නීතිපති දෙපාර්තමේන්තුවට හෝ නඩු පවරන අතිරේක සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස්ට දැනුම් දී ඇතිද යන්න තවමත් පැහැදිලි වී නොමැත.
2023 වසරේදී ජනාධිපති ධුරයේ සිටි සමයේ එක්සත් රාජධානියට සිදුකළ ‘පෞද්ගලික සංචාරයක්’ සඳහා රජයේ අරමුදල් රුපියල් මිලියන 16.6කට අධික මුදලක් අවභාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් CIDය විසින් විමර්ශන සිදුකරමින් පවතී. එම සංචාරය උපාධි ප්‍රදානෝත්සවයට සහභාගී වීම සඳහා සිදුකළ බවටද චෝදනා එල්ල වේ.
මේ අතර, රනිල් වික්‍රමසිංහ මහතා හෘද සැත්කමකට භාජනය වී දැනට සිංගප්පූරුවේ සුවය ලබමින් සිටින බව වාර්තා වේ. වෛද්‍ය උපදෙස් අනුව ඔහුට දැඩි ඇඳ විවේකයක් ලබාගැනීමට නිර්දේශ කර ඇති අතර, පවුලේ සාමාජිකයන්ට පමණක් ඔහුව බැලීමට අවසර ලබා දී ඇත.
මෙම නඩුව අප්‍රේල් 27 වැනිදා නැවත විභාගයට ගැනීමට නියමිත බවද වාර්තා වේ.

