දෙහිවල බෝම්බකරු අබ්දුල් ලතීෆ් ජමීල්ගේ නවසීලන්ත සම්බන්ධයක තොරතුරු හෙළිවේ
Dehiwala
,
gossip lanka
,
New Zealand
,
News
පසුගියදා ටාජ් සමුද්‍රා බෝම්බ පිපුරුම සිදුකරන්නට ගොස් වැරදීමෙන් පසුව දෙහිවලදී පුපුරුවාගෙන මැරුණ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ මව මෙන්ම නැගණිය මේවනවිට නවසීලන්තයේ පදිංචිව සිටින බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.බිරිය හා දරුවා මහනුවර පදිංචි බවත් වාර්තාවේ. ගුවන් යානා ඉංජිනේරුවෙකු බව පැවසුණ ජමීල්ගේ පුද්ගලික විස්තර රැසක් නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත මගින් වාර්තා කර තිබෙන අතර එයට අනුව මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි ජමීල් ඇතුළු පවුල මීට වසර 10 කට ප්‍රථම ජමීල්ගේ පියා මියයාමෙන් පසු කොළඹට පදිංචිය මාරු කර ඇති බවත් ඔහුගේ සොයුරිය හා මව සමග සුඛෝපභෝගී මහල් නිවසක වාසය කර ඇති බවත්ය.


