Advertisement

පසුගියදා ටාජ් සමුද්‍රා බෝම්බ පිපුරුම සිදුකරන්නට ගොස් වැරදීමෙන් පසුව දෙහිවලදී පුපුරුවාගෙන මැරුණ අබ්දුල් ලතීෆ් ජමීල් මොහොමඩ්ගේ මව මෙන්ම නැගණිය මේවනවිට නවසීලන්තයේ පදිංචිව සිටින බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.බිරිය හා දරුවා මහනුවර පදිංචි බවත් වාර්තාවේ. ගුවන් යානා ඉංජිනේරුවෙකු බව පැවසුණ ජමීල්ගේ පුද්ගලික විස්තර රැසක් නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත මගින් වාර්තා කර තිබෙන අතර එයට අනුව මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි ජමීල් ඇතුළු පවුල මීට වසර 10 කට ප්‍රථම ජමීල්ගේ පියා මියයාමෙන් පසු කොළඹට පදිංචිය මාරු කර ඇති බවත් ඔහුගේ සොයුරිය හා මව සමග සුඛෝපභෝගී මහල් නිවසක වාසය කර ඇති බවත්ය.

අනතුරුව ජමීල් පාසල් ගොස් ඇත්තේ කොළඹ පිහිටි ජාත්‍යන්තර පාසලකටය.ඔහු එංගලන්තයේ උපාධියක් හදාරන්නට ගොස් වසර කිහිපයකින් යළි මව් රටට ආ පසුව මාංශ වෙළෙඳාමේ යුතු ධනවත් පවුලක ෂිෆානා නමැති තරුණියක හා ඔහු විවාහ වී ඇත.ඔවුන් විවාහයෙන් පසු ජමිල්ගේ පශ්චාත් උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවට පිටත්ව ගොස් තිබේ.

මේ අතර ජමීල්ගේ නැගණියද විවාහවී ඇත. ඇය විවාහවී ඇත්තේ නවසීලන්ත පුරවැසිකම ලබාගත් ශ්‍රී ලාංකික තරුණයෙකු සමගය. විවාහයෙන් පසු ජමීල්ගේ නැගණිය මව සමග නවසීලන්තයේ පදිංචියට ගොස් තිබේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි මව හා නැගණිය වාසය කරන අතරවාරයේ ඕස්ට්‍රෙලියාවේ සිටි ජමීල් හා ෂිෆානා යුවළට දරුවෙකුද ලැබී තිබේ.

මෙම ප්‍රහාරය සිදු කරන්නට අවශ්‍ය මූලික අයිඑස් බලපෑම ජමීල්ට ලැබෙන්නේ ඕස්ට්‍රෙලියාවේ සිටි අවදියේ බව කියැවේ ඔහුගේ ඇසුරට වැටුණ අයිඑස් ත්‍රස්ත සංවිධානයට හිතවාදී පිරිස් ඔහුව ඕස්ට්‍රෙලියාවේ අයිඑස් ක්‍රියාකාරිකයෙකුට හඳුන්වාදී තිබෙන අතර ඔහු ජමීල්ගේ සිතුම්පැතුම් සියල්ල වෙනස් කර ඔහු අමුතු චරිතයක් බවට පත් කර ඇත. ජමීල් නැවත බිරිය හා දරුවා සමග ලංකාවට එන්නේ මේ වෙනසත් සමගය.

අනතුරුව ජමීල් කොළඹ වෙනුවට නුවර තම පියාට අයත් නිවසේ වාසය කරන අතර ඔහුට පියාගෙන් උරුමවූ විශාල වත්කමක් තිබුණ නිසා ඔහු උපාධි හා පශ්චාත් උපාධිධරයෙකු වුවත් රැකියාවක් නොකළ බව කියැවේ. මියගිය පියාඔහුට ඇතිතරම් දේපළ හම්බ කරදී තිබු බවද වාර්තාවේ. කෙසේ වෙතත් ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් සහරාන් ඇතුලු කල්ලියට ඔහු එක්වෙද්දී ඔහුගේ ජීවිතය වෙනස්වී තිබුන බවත් ඔහු දරුවන් හෝ බිරිය නුරුස්සන අමුතු ගති පැවති අයෙකු වූ බවත් වාර්තා විය. ඔහු යන එනතැන් දැන සිට ඇත්තේද ඔහුම පමණක් බව නිව්සීලන්ඩ් හෙරල්ඩ් පවුලේ අය උපුටමින් වාර්තා කර ඇත.

ප්‍රහාරය සිදුවනතුරු ඔහුගේ පවුලේ උදවිය ඔහුමෙවැන්නකට සම්බන්ධ බවට දැන සිටියේ නැතැයි දන්වා තිබූ බවද එහි දැක්වේ.තම මව හා සොයුරිය ඇතුළු පවුලේ අය වාසය කළ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් පල්ලියකදී පසුගියදා ඇතිවූ ප්‍රහාරය ජමීල් තැතිගැන්මට පත්කරවූ ආරංචියක් වූ බවත් පැවසේ. එම සිදුවීම සිදුවූ දිනවල සිට ඔහුගේ හැසිරීම්වල පැහැදිලි වෙනසක් දැනගන්නට ලැබුණ බවත් දරුවාට පවා තලා පෙලා ප්‍රශ්න ඇතිකරගන්නා ස්වරූපයක් හා එක තැනක් බලපාගෙන කල්පනා කරන ස්වරූපයක් ඇතිවූ බවත් නවසීලන්තයේ සිට ඒ දිනවල නිවාඩුවට පැමිනි සිටි ජමීල්ගේ නැගණිය දන්වා ඇත.

ඉන් අනතුරුව ඔහු මේ ආකාරයට මරාගෙන මැරුණ බෝම්බ කරුවෙකු බවට පත්ව ඇතැයිද ඇය දන්වා ඇත.
නිව්සීලන්ඩ හෙරල්ඩ් දන්වා ඇත්තේ නවසීලන්තයේ ඕක්ලන්ඩ්හි වාසය කරන ජමීල්ගේ පවුලේ මව හා නැගනිය බලධාරීන්ගේ ආරක්ෂාව යටතේ මේවනවිට පසුවන බවයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements