හැකි නම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලීමක් කරයි.
ඔහු මෙම ඉල්ලීම කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (සැප්. 8) පැවති මාධ්‍ය හමුවකදී ය.
විශේෂඥ වෛද්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ, ගර්භණී සමයේ කොවිඩ්-19 වැළඳුණහොත් එය දැන් අධි අවදානම් තත්ත්වයක් ලෙස සලකන බවය.
ඉන් දරුවාටත් මවටත් හානි විය හැකි බව ඔහු අවධාරණය කළේය.
ඒ හේතුවෙන්, හැකි නම් අවුරුද්දකට ගර්භණීභාවය පමා කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.

