Advertisement

පුළුවන් නම් අවුරුද්දකට ගර්භණී වෙන එක පමා කරන්න

හැකි නම් ගර්භණීවීම වසරකින් පමා කරන්නැයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා ඉල්ලීමක් කරයි.

ඔහු මෙම ඉල්ලීම කළේ, සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ ඊයේ (සැප්. 8) පැවති මාධ්‍ය හමුවකදී ය.

විශේෂඥ වෛද්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ, ගර්භණී සමයේ කොවිඩ්-19 වැළඳුණහොත් එය දැන් අධි අවදානම් තත්ත්වයක් ලෙස සලකන බවය.

ඉන් දරුවාටත් මවටත් හානි විය හැකි බව ඔහු අවධාරණය කළේය.

ඒ හේතුවෙන්, හැකි නම් අවුරුද්දකට ගර්භණීභාවය පමා කරන ලෙස ඔහු ඉල්ලා සිටියේ ය.
"කොවිඩ් අලුත් රෝගයක්. කොවිඩ් ගැන අපි දන්නේ නෑ ඇත්තට ම. දවසින් දවස අලුත් ප්‍රභේද හැදෙනවා. දැන් ඉස්සෙල්ල එක නෙමෙයි දැන් ඩෙල්ටා එක ඇවිල්ලා තියෙනවා. ඒක වෛරසවල තියෙන ලක්ෂණයක්. අපි ගහන්න ගහන්න, අනිත් පැත්තට ගහන්න ඒගොල්ලෝ ඉගෙන ගන්නවා.

අපි මේ රෝගය ගැන මුලින් ම කියපු කතාව තමයි කොවිඩ්වලින් අම්මට ප්‍රශ්නයකුත් නෑ, අම්මගෙන් කොවිඩ්වලට ප්‍රශ්නයකුත් නෑ කියලා. නමුත් මේ ඩෙල්ටා වේරියන්ට් එක එනකොට අපි දන්නවා ඒකෙන් අම්මට ප්‍රශ්නයක් වෙනවා. දැන් අපි ගන්නේ කොවිඩ් හැදුනොත් ගර්භණී සමයේ ඒක අධි අවදානම් තත්ත්වයක් විධියට.

එතකොට දරුවට හානි වෙන්න පුළුවන්, අම්මට හානි වෙන්න පුළුවන්. කොවිඩ් රෝගය උත්සන්න වෙන්න පුළුවන් ගර්භණී මවකට කොවිඩ් හැදුනොත්. ඕනෑ ම මවකට, දැන් ගර්භණී නම් කරන්න දෙයක් නෑ. නමුත් ඔබ විවාහ වෙලා දරුවෙක් බලාපොරොත්තුවෙන් ඉන්නවා නම්, එහෙම නැත්නම් ඔබ දරුවන් ඉන්න මවක් නම් පුළුවන් කමක් තියෙනවා නම් නැවත වතාවක් කල්පනා කරලා බලන්න අවුරුද්දකට අපි පවුල් සැලසුමක් පාවිච්චි කරන විධිය.

අවුරුද්දක් කියන්නේ වෛද්‍ය විද්‍යාවේ ලොකු කාල පරාසයක්. මේ අවුරුද්ද ඇතුළත අපි රෝගය ගැන දන්නවා. අපි රෝගයෙන් ගර්භණී මවට ඇතිවන ප්‍රශ්න ගැන දන්නවා. දරුවට එන ප්‍රශ්න ගැන දන්නවා. ඒ වගේ ම, වැක්සින් එකෙන් තියෙන අතුරු අබාධ, වෙන්න පුළුවන් ප්‍රශ්න මීට වඩා හොඳ වැක්සින් එකක් ඉදිරියට එන්නත් ඉඩ තියෙනවා.

ඉතින් එක හින්දා ඔබට හැකියාවක් තියෙනවා නම්, ඔබ කැමති නම් ඒකත් රජයේ හැම රෝහලක ම වගේ පවුල් සැලසුම් සායන තියෙනවා. ඒක හින්දා මගේ ඉල්ලීමක් තමයි පුළුවන් නම් අවුරුද්දකට ගර්භණීභාවය පමා කරන්න."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements