පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රු. කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයක් වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කොට ඇති බව අද (20) හෙළි වුණා.
දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක් වූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිව තිබෙනවා.
යන්ත්‍රය සවි කිරීම සදහා අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් සාදා නිමකර ඇති නමුත් එයට තවමත් විදුලි සැපයුම ලබාදී නොමැතිකම හේතුවෙන් මෙම යන්ත්‍රය සවි කිරීමට නොහැකි වී ඇති බවයි කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.




