Advertisement

හදවත් රෝගිහු 4000ක් පෝළිමේ තබා
කරාපිටිය රෝහලේ හදවත් සැත්කම් එ්කකය වසා දමලා

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද දැඩිසත්කාර ඒකකය හා හෘද ශල්‍යාගාර අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා ඇත.

හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකය තුළ අක‍්‍රිය වි තිබු මධ්‍යම වායු සමිකරණ පද්ධතිය සවි කිරිම ස`දහා දැනට මාසයක පමණ කාලයක සිට එම ඒකකය වසාදමා තිබුණි. 

මෙම වර්ෂයේ ජනවාරි මසයේ මැද භාගයේ දි පමණ හෘද ශල්‍යාගාර තුනේ පොළවේ පළුදු වි .තිබු ස්ථාන අලූත්වැඩියා කිරිම ස`දහා හෘද ශල්‍යාගාර වසාදමා තිබුණි. මේ පිිළිබ`දව අප රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ජයම්පති සේනානායක මහතාගෙන් කළ විමසුමකදි ඔහු ස`දහන් කළේ අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා දමා තිබු රෝහලේ හෘද ශල්‍ය දැඩිසත්කාර ඒකකය හා හෘද ශල්‍යාගාරය ලබන ස`දුදා වනවිට විවෘත කිරිමට හැකිවෙතැයි තමන් අපේක්ෂා කරන බවය. 

මේ පිළිබද අදහස් දක්වමින් හෙතෙම මෙසේද කිවේය. අමාත්‍යංශයේ අනුමැතිය ඇතිව තමයි හෘද දැඩිසත්කාරක ඒකකයේ වායු සමිකරණ පද්ධතිය සවිකරන්න වසා දැමුවේ. පසුව හෘද ශල්‍යාගාර තුනේ බිමේ පළුදු වි තිබු ස්ථානවල ටයිල් ඇල්ලිමට කටයුතුකළා. දැන් ඒ කටයුතු සියල්ල අවසන් කරලා තියෙන්නේ . ශල්‍යාගාර ජිවානුහරණය කරන්න තියෙනවා. ඒ ස`දහා දින තුන හතරක් යනවා. ලබන ස`දුදා වනවිට හෘද දැඩිසත්කාර ඒකකය හා ශල්‍යාගාර විවෘත කිරිමට හැකිවේවි යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා ස`දහන් කළේය. කෙසේවුවද හෘද ශල්‍ය දැඩි සත්කාරක ඒකකය වසාදමා තිබු කාලයේ දි හදිසි හෘද සැත්කම් පමණක් මෙහි සිදුකරණු ලැබිය. හෘද ශල්‍යාගාර තුනෙන් දෙකක් දැඩිසත්කාරක ඒකක ලෙස භාවිතා කරමින් හෘද සැත්කම් සිදුකරණු ලැබිය. දැනට සති දෙකක පමණ කාලයක සිට හෘද 

ශල්‍යාගාර තුන අලූත්වැඩියා කටයුතු හේතුවෙන් වසාදමා තිබු නිසා හෘද සැත්කම් නතර වි තිබුණි. කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ හෘද ශල්‍ය වෛද්‍ය නාමල් ගමගේ මහතාගේපොරොත්තු ලේඛනය තුල හෘද සැත්කම් කළ යුතු රෝගින් 4000ක්පමණ ලියාපදිංචි වි සිටින බව එම ඒකකයේ ආරංචි මාර්ග ස`දහන් කරයි. හෘද ශල්‍ය පිළිබද විශේෂඥ වෛද්‍ය ට්‍රෝලූෂා හරිස්චන්ද්‍ර මහත්මියගේ පෙරෝත්තු ලේඛනයේ මෙම වර්ෂයේ (2019* අගෝස්තු මාසය දක්වා සැත්කම් කිරිම ස`දහා හෘද රෝගින් ලියාපදිංචි සිටින බවද එම ඒකකයේ ආරංචි මාර්ගය ස`දහන් කරයි.

ගාල්ල ලලිත් චාමින්ද සහ එස් කේ කළුආරච්චි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements