Advertisement

පිළිකා රෝගීන් සදහා ප්‍රතිකාර කිරීමට අවශ්‍ය රු. කෝටි 35 ක ලීනියර් ඇක්සලරේටර් යන්ත්‍රයක් වසර 4 ක් ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රයෝජනයට නොගෙන ගබඩා කොට ඇති බව අද (20) හෙළි වුණා.

දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ගාල්ල කරාපිටිය රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවට එක් වූ අවස්ථාවේදී මෙම කරුණු හෙළිව තිබෙනවා.

යන්ත්‍රය සවි කිරීම සදහා අංග සම්පූර්ණ ගොඩනැගිල්ලක් සාදා නිමකර ඇති නමුත් එයට තවමත් විදුලි සැපයුම ලබාදී නොමැතිකම හේතුවෙන් මෙම යන්ත්‍රය සවි කිරීමට නොහැකි වී ඇති බවයි කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

2014 නොවැම්බර් මස මෙම යන්ත්‍රය කරාපිටිය රෝහලට ලැබී ඇති අතර යන්ත්‍රය සවි කිරීම රු. කෝටි 15 ක වියදමින් විශේෂයෙන් සකස් කළ ගොඩනැල්ලේ කටයුතු ද ඒ වන විට අවසන් වී තිබෙනවා.

කරාපිටිය රෝහල විසින් ගෙවිය යුතු හිඟ විදුලි බිලක් හේතුවෙන් ගොඩනැගිල්ලට විදුලි සැපයීම ලබා දිය නොහැකි වූ බව විදුලිබල මණ්ඩලයේ දිසා ඉංජිනේරුවරයා පවසන අතර ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් සුරේන් බටගොඩ මහතා වෙතින් ඉල්ලා සිටියේ වහාම මෙම ගොඩනැගිල්ලට විදුලි බලය බලා දීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම, හදිසි හා අත්‍යවශ්‍ය කටයුත්තක් බැවින් ද, ඇස්තමේන්තුගත රු. මිලියන 4 ක මුදල් හුවමාරුව සිදු වන්නේ රාජ්‍ය ආයතන දෙකක් අතර වන බැවින් ද, වහා ට්‍රාන්ස්ෆෝමරයක් සවිකොට එම ස්ථානයට විදුලිය ලබා දෙන ද, මුදල් ගෙවීම අමාත්‍යාංශ මට්ටමින් සම්බන්ධීකරණය කරන ලෙස ද උපදෙස් දෙනු ලැබුවා.

නිරීක්ෂණ චාරිකාවෙන් පසුව අදහස් දැක්වූ ආණ්ඩුකාර තෙන්නකෝන් මහතා පැවසූවේ වසර 4 ක් යන්ත්‍රය ගබඩාවේ තිබිය දී, මේ රටේ ජනතාවට තවත් යන්ත්‍රයක් ගන්නට මහ පාරේ සල්ලි හොයන්නට සිදුව ඇති බවයි.

“දකුණු පළාතට පමණක් නොවෙයි, සබරගමුව, ඌවටත් ප්‍රතිකාර කිරීමේ හැකියාව මේ යන්ත්‍රයට තිබෙනවා. නමුත්, එය වසර 4 ක් සවි කර ගැනීමට නොහැකි වී තිබෙනවා. මෙය ඛෙදවාචකයක්.

මේ යන්ත්‍රය සවිකිරීම සදහා වායු සමනය කිරීම අනිවාර්යයෙන්ම සිදු විය යුතුයි. විදුලිය නොමැතිව යන්ත්‍රය සවිකරන්නට බැහැ. ඉදිරි සතිය තුල විදුලිබලය ලබාදීමට කටයුතු කරන බවට විදුලිබල අමාත්‍යාංශයේ හා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් පොරොන්දු වුණා. කරාපිටිය රෝහල පළාත් සභාවට අයත් නොමැති වුනත්, ප්‍රතිකාර නොමැතිව මිය යමින් සිටින්නේ දකුණු පළාතේ මිනිස්සුන්. අප වහා මේ තත්වය වෙනස් කළ යුතුයි. කවුරුන් සිදු කලත් මෙය මහා අපරාධයක්. අපගේ රාජ්‍ය සේවයේ අකාර්යක්ෂමතාව හෙළි කරන සිදුවීමක් බව පැවසිය යුතුයි.”යනුවෙන් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා, සඳහන් කළා.







gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements