''මම කියන්නෙ රට ලොක්ඩවුන් කරන්න එපා. 30 වන දා රට අරින්න ඕනේ'' යනුවෙන් පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.
ඔහු මේ බව සඳහන් කළේ, ''කොවිඩ් කියන්නේ මාරාන්තික ලෙඩක් නොවේ'' යනුවෙන් ඊයේ (අගොස්තු 26) වන දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව දැනුවත් කරමින් අද (අගෝස්තු 27) දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.
රට වසා දැමුවාටත්, ඉදිරියේදී රට වසා දමනවාටත් තමා පෞද්ගලිකව අකමැති බවත් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව තුළ අනිසි බියක් ඇති නොකර ගත යුතු බවත් මෙන් ම, ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් සහ දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු එහිදී පැවසීය.




