Advertisement

රට ලොක්ඩවුන් කරන එකට මම විරුද්ධයි - එස්.බී. දිසානායක

''මම කියන්නෙ රට ලොක්ඩවුන් කරන්න එපා. 30 වන දා රට අරින්න ඕනේ'' යනුවෙන් පොදු ජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ, ''කොවිඩ් කියන්නේ මාරාන්තික ලෙඩක් නොවේ'' යනුවෙන් ඊයේ (අගොස්තු 26) වන දින ප්‍රවෘත්ති සාකච්ඡාවකදී තමා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් එල්ල වන විවේචන පිළිබඳව දැනුවත් කරමින් අද (අගෝස්තු 27) දින පැවති මාධ්‍ය සාකච්ඡාවේදීය.

රට වසා දැමුවාටත්, ඉදිරියේදී රට වසා දමනවාටත් තමා පෞද්ගලිකව අකමැති බවත් කොරෝනා සම්බන්ධයෙන් ජනතාව තුළ අනිසි බියක් ඇති නොකර ගත යුතු බවත් මෙන් ම, ජනතාව තුළ අනවශ්‍ය බියක් ඇති ⁣නොකරන ලෙස මාධ්‍යවේදීන්ගෙන් සහ දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු එහිදී පැවසීය.

"මම මාධ්‍ය ආයතනවලිනුත් සියලු ම දේශපාලනඥයින්ගෙනුත් ඉල්ලන්නේ මිනිසුන්ගේ හිත තුළ මරණ බය හදන්න එපා. ඒ මරණ බයටත් මැරෙනවා. මේ ලෝකේ ඉන්න ඉතා ම ශ්‍රේෂ්ඨ මහාචාර්යවරුන් 6000ක් එකතු වෙලා කොරෝනා පිළිබඳව පෙත්සමක් ලියනවා. ඔවුන් ඒකෙන් ඉල්ලන්නේ මේ කොරෝනාවලින් ප්‍රවේසම් වෙන්න. මේ කොරෝනාවලට බය වෙන්න ⁣එපා. විශේෂයෙන් මිනිසුන්ගේ සිත් තුළ මරණ බයක් හදන්න එපා. දැඩි ලෙස ඒ අය කියනවා ලොක්ඩවුන් එකකට යන්න එපා. රටක සම්පූර්ණයෙන් වහන තීන්දුවකට යන්න එපා. ඔවුන් කියනවා මේ වහන තීන්දුවකට යාම නිසා ඉතා වේගයෙන් සිය දිවි හානි කර ගැනීම් හා මානසික ආතතීන් මේ රටේ තරුණයින්ගේ, දරුවන්ගේ වැඩිවෙනවා. ඒ නිසා එහෙම ලොක්ඩවුන් එකකට ගිහිල්ලා හිර කරන්න එපා. ඒක ඉතා ම නරකයි මේ දරුවන්ට කියලා කියනවා."

එහිදී රට වසා දැමීමේ තීරණය පිළිබඳව අමාත්‍යවරයාගේ මෙම ස්ථාවරය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට ඔහු පිළිතුරු දුන්නේ මෙලෙසිනි.

මාධ්‍යවේදියා: දැන් ඔබතුමා කියන්නෙ දැනට මේ තියන තත්ත්වය අනුව රට වහන එක සුදුදු නෑ කියලා ද? 30 වන දා රට අරින එක සුදුසු නෑ කියලා ද?

මන්ත්‍රීවරයා: සුදුසු නෑ කියලා නෙවේ මං කියන්නේ. ලොක්ඩවුන් කරන්න එපා කියලා. 30 වන දා අරින්න ඕනේ. වහපු එකටත් මං විරුද්ධයි පෞද්ගලිකව. ඒ නිසා මමත් ඇත්තට ම කියන්නේ අපි කොරෝනා රෝගය වළකින්න අවශ්‍ය සියලු දේවල් කරන්න ඕනේ. අපි එන්නත්කරණය ඉහළ ම තැනක් අතිගරු ජනාධිපතිතුමා දීලා තියෙනවා. ඒ එන්නත් කරන්න ඕනේ. කරන්නෙ නැති අය ඉන්නවා නම් බලෙන් හරි අරන් ගිහිල්ලා ඒ අයට එන්නත් කරලා දෙන්න ඕනේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements