ධනුෂ්කට ඒරෙහි චෝදනා මෙන්න..
විස්සයි 20 ලෝක කුසලානය සඳහා ඕස්ට්රේලියාවට ගොස් සිටි අතරවරයේ කාන්තාවක් දූෂණය කළ බවට චෝදනා එල්ල වූ ශ්රී ලංකා ක්රිකට් ක්රීඩක ධනුෂ්ක ගුණතිලක ඇගේ හුස්ම හිරකර දැමීම හේතුවෙන් ඇය “සිය ජීවිතය පිළිබඳ බියකින්” සිටි බවට අධිකරණ ලේඛන මගින් චෝදනා කර තිබේ.
ස්ත්රී දූෂණ සම්බන්ධයෙන් චෝදනා 4ක් ලැබ සිටින 31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලකට එම කාන්තාව සමඟ ලිංගිකව එක්වීමේදී කොන්ඩමය ගලවා දැමීමේ චෝදනාව ද එල්ල වී තිබේ.
කෙසේවෙතත් ධනුෂ්ක පොලිසිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී කිසිදු ප්රචණ්ඩත්වයක් නොකළ බව හෝ ඇයගේ කැමැත්තක් නොතිබූ බව ප්රතික්ෂේප කර ඇත.

