ලංගම බස් ඇණියට මෙම වසර තුළ දී නවීන බස් රථ 1,000 ක් එක් කිරීමට බලාපොරොත්තු වන බව ප්රවාහන හා සිවිල් ගුවන්සේවා රාජ්ය අමාත්ය අශෝක් අබේසිංහ මහතා පවසයි.
“පාපුවරුව පහළින් තියෙන වායුසමීකරණය කරන ලද හයිබ්රිඩ් බස්රථ දාහකුත් සහ සාමාන්ය ඩීසල් බස් රථ දාහකුත් ගේන්න බලාපොරොත්තු වෙනවා. අඩුම තරමින් මේ වසර තුළ නවීන පන්නයේ බස් රථ 1,000 ක් ගේන්න වැඩපිළිවෙලක් සකස් කරනවා.“


