ලෝකෙන්ම හතරවැනියා වෙයි
දැඩි ආන්දෝලනයකට තුඩු දුන් ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ සිව් වන ස්ථානය දිනා ගෙන තිබේ.
2021 ලෝක විවාහක රූ රැජිණ තරගාවලිය අමෙරිකාවේ ලාස් වේගාස්හිදී ඊයේ (ජන. 15) පැවැත් වුණු අතර එහි ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අමෙරිකාවේ ෂයිලින් ෆෝඩ් සමත් විය.
එම තරගයේ අවසන් 6 දෙනොගේ වටය තෙක් පැමිණි පුෂ්පිකාද සිල්වා සිව් වන ස්ථානය දිනා ගැනීමට සමත් වී ඇත.
