ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ අරමුණින් ඇමරිකානු පුරවැසිභාවය අත්හළ නමුත් තමා තවමත් ඇමරිකානු පුරවැසියෙකු බව පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා.
යම් හෙයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුවහොත් තමා ඇමරිකාවට යෑමට සූදානම් බවත් කෙසේ වුවද ඒ සඳහා මෙරට අධිකරණයේ අවසරය අවශ්‍ය බවත් ඔහු පවසනවා. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය පිළිබඳ කිසිදු සැකයක් නොමැති බවයි ඔහු පෙන්වා දෙන්නේ.



