කොවෙඩ් නයින්ටීන් හෙවත් කොරෝනා වෛරසය පැතිරෙන දකුණු කොරියාවේ ඬේගු නගරයේ ශ‍්‍රී ලාංකිකයින් සේවය කළ ආයතන රැසක් තාවකාලිකව වසා දමා තිබෙනවා.
ඒ, වෛරසයේ සිග‍්‍ර ව්‍යාප්තියක් පෙන්නුම් කිරීමත් සමගයි. සෝල් නුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයේ කම්කරු අංශ ප‍්‍රධානී, රැකියා හා සුබසාධන උපදේශක සෙනරත් යාපා සදහන් කළේ එම ආයතනවල සේවය කළ ශී‍්‍ර ලාංකිකයින්ට තම වාසස්ථාන තුළම රැදී සිටින ලෙසට දැනුම්දී ඇති බවයි.

