Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ලසන්ත ඝාතනයට සම්බන්ධ බව පෙන්වා
මා අත්අඩංගුවට ගන්න
ආණ්‌ඩුව හේතු සොයනවා
ගෝඨා කියන අමුතු කතාව


පසුගිය කාලය තුළ ඇවන්ගාර්ඩ්, රක්‌නා ලංකා, මිග් ගනුදෙනුව ආදී වශයෙන් විවිධ විමර්ශන පවත්වමින් තම චරිතය ඝාතනය කළ වත්මන් රජය දැන් අලුත්ම ප්‍රයත්නය ලෙස මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට තමන්ගේ සම්බන්ධයක්‌ ඇතැයි රටට ඒත්තු ගන්වා තමන් අත්අඩංගුවට ගැනීමට හේතුවක්‌ සොයන බව හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා නිවේදනයක්‌ නිකුත් කරමින් සඳහන් කරයි. 

මෑත කාලීන ප්‍රවෘත්ති සහ ආණ්‌ඩු පක්‍ෂයේ විවිධ දේශපාලනඥයන්ගේ ප්‍රකාශවලින් ඒ බව මනාව පෙනී යන බවද ඒ මහතා කියා සිටියි.

දේශපාලන මඩ ප්‍රචාරයන්ට අනුව ලසන්ත ඝාතනය සිදු වූයේ මිග් යානා ගනුදෙනුව පිළිබඳ ඔහු විසින් කරන්නට ගිය හෙළි කිරීම් නිසා යෑයි කියෑවුණද මේ සාවද්‍ය ප්‍රකාශ කරන අයට අමතක වී තිබෙන සුවිශේෂී කරුණ වන්නේ තමාට අපහාස වන ආකාරයට අසත්‍ය ප්‍රවෘත්ති පළ කිරීම පිළිබඳව ලසන්ත කර්තෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පතට එරෙහිව තමන් එදා නඩු පැවරුවේ යෑයි යන්න බවද ගෝඨාභය රාජපක්‍ෂ මහතා එමගින් පෙන්වා දෙයි.



තමන් එදා එසේ කටයුතු කළද ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීමට සති කිහිපයකට පෙර එවකට හිටපු හමුදාපති සරත් ෆොන්සේකාද දැඩි ලෙස විවේචනය කරමින් ලිපි පෙළක්‌ පළ කළ අතර එහිදී තමන් කළාක්‌ මෙන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ලසන්තට එරෙහිව ඔහු නොගත් බවද සඳහන් කරන ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම විවේචනයෙන් දැඩි ලෙස කුපිතව සිටි හිටපු හමුදාපති සරත් ෆොන්සේකා එදා එයට ගත් ක්‍රියාමර්ගය කුමක්‌ද යන්න පිළිබඳ අද ලසන්ත ඝාතනය ගැන පක්‍ෂග්‍රාහී විමර්ශනයක්‌ පවත්වන රහස්‌ පොලිසිය සොයා බැලිය යුතු බවද කියා සිටී.

ඒ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

පසුගිය සතියේ රජයට සම්බන්ධ ආරංචි මාර්ග උපුටා දක්‌වමින් පසුගිය සතියේ එක්‌තරා වෙබ් අඩවියක පවසා තිබුණේ දැනට අත්අඩංගුවේ පසුවන පොලිස්‌ නිලධාරියකුගේ සාක්‌ෂි අනුව ලසන්ත ඝාතනයට හමුදා බුද්ධි අංශ සම්බන්ධ බවත්, එවකට ජාතික බුද්ධි අංශ ප්‍රධානී වූ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ යටතේ හමුදාවේ ඝාතන කල්ලියක්‌ ක්‍රියාත්මක වූ බවත් එකල හෙන්දවිතාරණ වාර්තා කළේ ගෝඨාභය රාජපක්‌ෂට බවත්ය.

මෙය පැහැදිලිවම ජනතාව නොමග හැරීමට හා සත්‍ය තොරතුරු වසන් කිරීමට ගන්නා හාස්‍ය ජනක උත්සාහයකි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වූ කාලයේ මේජර් ජෙනරාල් කපිල හෙන්දවිතාරණ හමුදා සේවයෙන් විශ්‍රාම ගොස්‌ සිටි අතර ඔහු ආරක්‌ෂක අමාත්‍යාංශයේ ජාතික බුද්ධි අංශ ප්‍රධානී තනතුර දරමින් ජාතික ආරක්‌ෂාව පිළිබඳ උපදේශන හා සම්බන්ධීකරණ කටයුතුවල පමණක්‌ නියෑළී සිටියේය. ජාතික බුද්ධි ප්‍රධානී යනු හමුදාවට අයත් නොවන ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ පැවති සිවිල් තනතුරක්‌ පමණක්‌ නිසා කපිල හෙන්දවිතාරණ යටතේ කිසිදු හමුදා ඛණ්‌aඩයක්‌ ක්‍රියාත්මක නොවීය.

හමුදා බුද්ධි අංශවල පාලනය ඇත්තේ යුද හමුදාව යටතේ මිස කපිල හෙන්දවිතාරණ රාජකාරි කළ ආරක්‌ෂක අමාත්‍යාංශය යටතේ නොවේ. හමුදා බුද්ධි අංශ ක්‍රියාත්මක වන්නේ යුධ හමුදා බුද්ධි අධ්‍යක්‌ෂක මණ්‌aඩලය යටතේයි. එවකට එහි ප්‍රධානියා වූයේ අධ්‍යක්‌ෂක ජෙනරාල් ප්‍රධාන මාණ්‌ඩලික බ්‍රිගේඩියර් අමල් කරුණාසේකරයි. ඔහු වාර්තා කළේ හමුදාපතිවරයාටයි. මේ කියනා අවධියේ හමුදාපතිවරයා වූයේ ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා වූ අතර යුද්ධයේ උච්චතම අවස්‌ථාව වූ මේ කාලයේ හමුදාපති සරත් ෆොන්සේකාගේ අනුදැනුමෙන් තොරව කිසිදු බුද්ධි අංශ හමුදා ඛණ්‌ඩයක්‌ ක්‍රියාත්මක වුවා විය නොහැකි බව ජාතික ආරක්‌ෂක කටයුතු පිළිබඳ අල්පමාත්‍ර අවබෝධයක්‌ හෝ ඇති අයකු දනී.

මෑත කාලීන දේශපාලන මඩ ප්‍රචාරණවලට අනුව ලසන්ත ඝාතනය සිදු වූයේ මිග් ගුවන් යානා පිළිබඳව මා හට එරෙහිව ඔහු විසින් කරන්නට ගිය හෙළිකිරීම් නිසාය. මේ සාවද්‍ය ප්‍රකාශය කරනා අයට අමතක වී ඇති කරුණ නම් මිග් ගුවන් යානා පිළිබඳව මට අපහාස වන ආකාරයට අසත්‍ය ප්‍රවෘත්ති ප්‍රචාරය කිරීම පිළිබඳව ලසන්ත කර්තෘත්වය දැරූ සන්ඩේ ලීඩර් පුවත්පතට මා විසින් එදා නඩු පැවරූ බවය. එම නඩුවෙන් මා දිනූ අතර, අසත්‍ය චෝදනා කිරීම පිළිබඳව සමාව ඉල්ලා ප්‍රසිද්ධ නිවේදනයක්‌ පළකරන ලෙස උසාවිය විසින් ලසන්තගේ පුවත් පතට නියෝග කරන ලදි. ඒ අනුව සන්ඩේ ලීඩර් පුවත්පත ප්‍රසිද්ධියේ මගෙන් සමාව අයෑද සිටියේය.

ලසන්ත වික්‍රමතුංගගේ චෝදනාවලට මා පිළිතුරු දුන්නේ ඒ ආකාරයට ගෞරවාන්විතව රටේ පවතින නීතිය තුළය. පුවත්පත ප්‍රසිද්ධියේ වරද පිළිගෙන සමාව ඉල්ලා සිටි නිසා ඉන් ඔබ්බට මා හට ඔවුන් සමග ගැටලුවක්‌ නොතිබුණි.

නමුත් මෙහිදී මතක්‌ කළ යුතු වැදගත් කරුණක්‌ නම් ලසන්ත ඝාතනය වන්නට සති කිහිපයකට පෙර ඔහු විසින් එවකට හමුදාපතිව සිටි සරත් ෆොන්සේකාවද දැඩි ලෙස විවේචනය කරමින් ලිපි පෙළක්‌ ලියන ලද බවයි. නමුත් මේ සම්බන්ධයෙන් සරත් ෆොන්සේකා මා කළාක්‌ මෙන් නීතිමය ක්‍රියාමාර්ගයක්‌ ගත්තේ නැත. විවේචනය පිළිබඳ දැඩි ලෙස කුපිතව සිටි ඔහු ඒ සම්බන්ධයෙන් ගත් ක්‍රියාමාර්ගය කුමක්‌ද කියාත් අද ලසන්ත ඝාතනය ගැන පක්‌ෂග්‍රාහී විමර්ශනයක්‌ පවත්වන රහස්‌ පොලිසිය සොයාබැලිය යුතුය. වෙනත් කරුණක්‌ සඳහා වරක්‌ රහස්‌ පොලිසිය මගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවක ලසන්ත ඝාතනය සිදුවූ අවධියේ කොළඹ ප්‍රදේශයේ මෙහෙයුම් බාරව සිටි 112 බල සේනාධිපති බ්‍රිගේඩියර් කැප්පෙටිවලාන යන නිලධාරියා යටතේ සිටි හමුදා ඛණ්‌ඩවල ක්‍රියාවන් ගැන සොයා බලන ලෙස මම රහස්‌ පොලිසියට පැවසුව ද දේශපාලන බලපෑම් මත එය සිදු නොවූ බව පෙනීයයි. 

එදා විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ලසන්ත ඝාතනය ගැන පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේ Rජුවම චෝදනා කළේ හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටය. හිටපු කථානායකවරයෙකු වන ජෝෂප් මයිකල් පෙරේරාද එයට සමාන ප්‍රකාශයක්‌ කළේය. මේ අය අද බලයට පැමිණ සිටින නමුත් හුදෙක්‌ දේශපාලන අරමුණු මුල් කරගෙන එදා ඔවුන්ම කළ චෝදනාව අමතක කොට ලසන්ත ඝාතන විමර්ශනය වෙනතකට හැරවීමේ දීන ප්‍රයත්නයක යෙදී සිටිති. 

ලසන්ත ඝාතනයට හේතුව අපාහාසාත්මක ලිපි නම් ඔහුගේ අපහාසයට ලක්‌ව එයට එරෙහිව නඩු මගට ගිය මා ගැන සෙවීමට අද පොලිසියට තිබෙන උනන්දුව ලසන්තගේ අපහාසයට ලක්‌ව ඔහුට එරෙහිව කිසිදු නීතිමය පියවරක්‌ නොගත්, එසේම ලසන්ත ඝාතනය කළායෑයි සැකකරනු ලබන හමුදා බුද්ධි අංශවලට අණ දිය හැකි බලයක්‌ එදා තිබුණ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා ගැන සොයන්නටත් පොලිසියට තිබිය යුතුය. විශේෂයෙන්ම වර්තමාන අගමැතිවරයා එදා ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් චෝදනා කළේ එවකට හමුදාපති වූ සරත් ෆොන්සේකාට නිසා අද රනිල් වික්‍රමසිංහ මහතා යටතේම තිබෙන පොලිසියට එදා ඔහු කළ චෝදනාව ගැන පරීක්‌ෂණ අරඹන ලෙස නියෝගයක්‌ දීම පහසුවෙන්ම කළ හැක. ඒ වෙනුවට අද කුහක දේශපාලනඥයින් කරන්නේ නරියාට කුකුල්ලු බාර දුන්නාක්‌ මෙන් සරත් ෆොන්සේකාට පොලිසිය බාර දිය හැකිදැයි යෝජනා කිරීමයි.

අවසාන වශයෙන් රටේ ජනතාවට අප කිවයුත්තේ හුදෙක්‌ම දේශපාලන අරමුණු මුල්කරගෙන පොලිසිය පවා බොරු සාක්‌කි නිර්මාණය කිරීමේ කටයුත්තට යොදා ගනිමින් වර්තමාන රජය ගෙන යන මර්දනකාරි වැඩපිළිවෙල ලංකාවේ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව රට තුළ පමණක්‌ නොව ජාත්‍යන්තරවද මහත් අපකීර්තියක්‌ ගෙන එමට හේතුවන බවය. නීතිය අවනීතිය වූ රටක පුරවැසියන්ට ඇති එකම විසඳුම අයුක්‌තියට එරෙහිව නැගී සිටීමයි. එහෙයින් ලෝකයේ බොහෝ රටවල බිහිවූ මෙවැනි දුර්දාන්ත රජයන් අවසානයේ ජනතාව විසින්ම පලවා හැරියාක්‌ මෙන් නුදුරු අනාගතයේදීම ශ්‍රී ලාංකික ජනතාවද මේ අසාධාරණයන්ට නිසි පිළිතුරු දෙනු ඇත.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook