මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට වික්‍රමතුංග මහතාගේ දියණිය බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
ඇය ගෝඨාභය රාජපක්ෂ මහාතට එරෙහිව ඇමරිකාවේ කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණයේ ගොනුකළ නඩුව නිෂ්ප්‍රභ කිරීමට එම අධිකරණය කටයුතු කළේය. එසේ ප්‍රතික්ෂේප කිරීමට හේතු කිහිපයක් දක්වා තිබිණි. මෙම සිදුවීමට අදාල කාලය තුළ විත්තිකරු ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටි බවත්, ලසන්තගේ ඝාතනයට විත්තිකරු සෘජුව සම්බන්ධ බවට පැමිණිලි පාර්ශ්වය කරුණු දක්වා නොමැති බවත් කැලිෆෝනියා දිස්ත්‍රික් අධිකරණය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව මෙම නඩුව ඉදිරියට ගෙනයමට බලයක් නොමැති බවයි අධිකරණයේ ස්ථාවරය වී තිබෙන්නේ.








