Featured News

Video Gossip

Advertisement

විශේෂ තත්ත්වයක් තුළ මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වූවන්ට එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ ඒකමතික කැමැත්ත ලැබුණු බවත් කුමන තත්ත්වයක් තුළ වුවද එය ක්‍රියාත්මක කරන බවත් සමකැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (25) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

වරදකරුවන් බන්ධනාගාරගත කිරීමෙන් පුනරුත්ථාපනය වීමට අවස්ථාව ලබා දෙන විට ඔවුන් නැවතත් පුරුදු ජාවාරම්වල නියැලීම මැඩපැවැත්වීම මෙවැනි දැඩි නීතියක් ක්‍රියාත්මක කළ යුතු බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

සිරකරුවන්ගේ ජාවාරම්වලට සහාය ලබාදීමට කටයුතු කරනු ලබන බන්ධනාගාර නිලධාරීන්ට ද දැඩි දඩුවම් ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements