Featured News

Video Gossip

Advertisement

2017 අ.පො.ස (සා/පෙළ) විභාගයේ දෙවන භාෂාවට විශිෂ්ට සමාර්ථ ලබාගත් සිසුන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට සම්මාන පිරිනැමීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා(26) පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ සිදු කෙරිණි.

ස්වකීය අධ්‍යයන හා වෘත්තීය අවශ්‍ය සපුරා ගැනීමට අවශ්‍ය ප‍්‍රමිති ළගා කර ගැනීමේ දී දුෂ්කරතාවලට මුහුණ දෙන රජයේ නිලධාරින් හා පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිළිබඳ සිදු කළ පර්යේෂණවල ප‍්‍රතිඵලයක් වශයෙන් සිංහල හා දෙමළ ජනතාව වෙත තම සහෝදර භාෂා ප‍්‍රවිණතාව ලබාදීමෙන් සන්නිවේදන පරතරය අවම කරගැනීමත්, අන්‍යොන්‍ය විශ්වාසය හා අවබෝධය තහවුරු කරනු පිණිස "දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න" ගුවන් විදුලි වැඩසටහන ජනාධිපතිතුමා, ජනාධිපති පදවියට පත්ව වසර දෙකක් සම්පූර්ණවීමට සමගාමීව ජාතික ඒකාබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් 2017 ජනවාරි පළමුවැනිදා සිට ශ‍්‍රී ලාංකික ගුවන් විදුලි සේවා 09 ක් ඔස්සේ ප‍්‍රචාරය කිරීම අරඹන ලදී.

"දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න" ගුවන් විදුලි වැඩසටහන, විශේෂයෙන් අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන බස විෂය (සිංහල/දෙමළ) හදාරන සිසුන් ඉලක්ක කොට ගෙන අඛණ්ඩව කි‍්‍රයාත්මක කිරීමට යෝජිත වැඩසටනකි.

ඉහත වැඩසටහන ප‍්‍රචාරය කිරීම ආරම්භ කිරීමෙන් පසුව අමාත්‍යාංශය මගින් සියලූම පාසල්වල විදුහල්පතිවරුන් හරහා කරන ලද සමීක්ෂණයක ප‍්‍රතිඵලයක් වශයෙන් එම වැඩසටහන ශ‍්‍රවණය කරන පාසල් 400ක් හදුනා ගැනීම සිදු කරන ලද අතර, එම පාසල් සිසු දරුවන් සඳහා අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස (සිංහල/දෙමළ) විෂය ඉලක්ක කොට ගෙන සම්මන්ත‍්‍රණ මාලාවක් පැවැත්වීම සිදු කරන ලදී.

"දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න" ගුවන්විදුලි වැඩසටහන හා ඊට සමගාමීව පැවැත්වූ සම්මන්ත‍්‍රණ මාලාව ප‍්‍රයෝජනයට ගනිමින් 2017 වර්ෂයේ දෙසැම්බර් මස පැවති අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස විෂය සඳහා පෙනි සිට ඒ හා බී සමාර්ථ ලබා ගත් සිසුන් සහ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරුන් පිළිබඳ දත්ත එක් රැුස් කිරීමක් සිදුකරන ලද අතර එහිදී අ.පො.ස (සා.පෙ) විභාගයේ දෙවන බස විෂය සඳහා පෙනී සිට ඒ හා බී සමාර්ථ ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඇතුළත් පාසල් 256 ක් හඳුනා ගන්නා ලදී.

එම ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහ අදාළ විෂය ඉගැන්වූ ගුරුවරුන් ඇගයීම මෙහිදී සිදු කෙරිණි.

සිසුන් 4000 කට සම්මාන පිරිනැමීම සංකේතවත් කරමින් දිවයිනම ආවරණය වන පරිදි සිසුන් දහ දෙනෙකු වෙත සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදුවිය.

විදුහල්පතිවරුන්, ගුරවරුන් සහ ,දන්නවනම් උගන්වන්න- දන්නැත්නම් ඉගෙනගන්න, ගුවන්විදුලි වැඩසටහන නිර්මාණය කළ පිරිස් ද ජනාධිපතිතුමා අතින් ඇගයීමට ලක් කෙරිණි.

අමාත්‍ය මනෝ ගනේෂන්, අර්ජුණ රණතුංග, නියෝජ්‍ය අමාත්‍ය සෙයිද් අලි සාහිර් මවුලානා, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන ඊ. සර්වනභවන්, මූඛර්ජ් රහුමාන්, වේලූකුමාර් යන මහත්වරුන් සහ ජාතික ඒකබද්ධතා සංහිඳියා හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශයේ ලේකම් එම්.වයි.එස්. දේශපි‍්‍රය මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements