Featured News

Video Gossip

Advertisement

වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නේ 25000ක් පමණ ශිෂ්‍යයන් පිරිසක් බවත් අවුරුද්දක් පාසා උසස් පෙළ සමත් වී විශ්ව විද්‍යාලයට යාගත නොහැකිව ඉතුරු වෙන ලක්ෂ 2ක් විතර තරුණ තරුණියන්ට කාර්මික වෘත්තියකට පිවිසෙන්න තියෙන අවස්ථා තව තවත් පුළුල් කල යුතු යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

ඊයේ (28), තලල්ල ජාතික වෘත්තීය පුහුණු ආයතනයේ දී පැවති ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ආරම්භක පුහුණු වැඩසටහන් උත්සවය අමතමින් මංගල සමරවීර අමාත්‍යවරයා මෙසේ ද පැවැසීය.

"අද දවසේ මේ ආයතනයේ දී දකුණු පළාතෙන් තෝරා ගත්ත තරුණ තරුණියන් 60 දෙනෙක්ට වෑද්දුම් කටයුතු, වඩුවැඩ සහ මේසන් වැඩ පිළිබඳ වෘත්තීයවල සිව් මාසික පුහුණුවක් ආරම්භ කෙරෙනවා. මේ පුහුණුව ලබන සියලු දෙනාට රජය විසින් රු. මිලියන 4 කට ආසන්න ප්‍රමාණයක් මේ කාලය තුළ දී වියදම් කරනවා.

වාර්ෂිකව විශ්ව විද්‍යාලවලට ඇතුළු වෙන්නෙ 25000ක පිරිසක් විතරයි. මේක ඒ දරුවන්ගේ ප්‍රශ්නයක් නෙවෙයි. පිරිසක් විදේශ ගත වෙනවා. තවත් පිරිසක් ශ්‍රී ලංකාවේ පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට ඇතුළු වෙනවා. තවත් පිරිසක් කලකිරීමෙන් සමාජ ගත වෙනවා.

විශේෂයෙන්ම අවුරුද්දක් පාසා උසස් පෙළ සමත් වෙලා විශ්වවිද්‍යාලයට යාගත නොහැකිව ඉතුරු වෙන ලක්ෂ 2ක් විතර තරුණ තරුණියන්ට කාර්මික වෘත්තියකට පිවිසෙන්න තියෙන අවස්ථාව මෙවැනි පුහුණු වැඩමුළු තුළින් තවතවත් පුළුල් වෙනවා. ඔවුන්ට අභිමානයක් ඇතුව වෘත්තීය සේවයක් ලබාදෙමින් හොඳ ආදායමක් මෙතුළින් ලැබෙනවා.

ඒ විතරක් නෙමෙයි අපි ඊළඟ අවුරුදු 3 ඇතුළත බදුල්ල, මහනුවර, ත්‍රිකුණාමලය හා අනුරාධපුර නගරවල අලුත් තාක්ෂණික සහ වෘත්තීය පාසල් 04 ක් ජර්මානු හා ස්විස් ආධාර මත පිහිටුවන්න දැනටමත් සැලසුම් කරලා ඉවරයි. මේ වර්ෂය තුළ පමණක් ඒ වෙනුවෙන් අපි අයවැයෙන් රු. මිලියන 1000 ක් වෙන් කළා. ඉදිරියේ දී මේ අරමුදල් තව තවත් වැඩි කරමින් රටේ තාක්ෂණික අධ්‍යාපනය දියුණු කරගැනීම අපේ ප්‍රධාන මානව සම්පත් සංවර්ධන සැලැස්මයි."

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements