Featured News

Video Gossip

Advertisement

බන්ධනාගාරගත වී සිටින රැඳවියන් අතර වැඩිවැඩියෙන් පොත්පත් කියවන සහ තමන් කිය වූ කෘති සම්බන්ධව යම් ආකාරයක විචාරයක් ඉදිරිපත් කිරීමේ අවස්ථා ඇති කර ඒ අනුව රැඳවියන්ගේ සිරගත කාලය අඩුකිරීමේ වැඩපිළිවෙළක් අධිකරණ අමාත්‍යවරිය සමග එක්ව සකස් කර ජනාධිපතිවරයාට ඉදිරිපත් කිරීමටත් තමා අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා වැලිකඩ බන්ධනාගාරයේ දී පැවති උත්සවයක දී ප්‍රකාශ කළා.

සිරගතව සිට දහම් පාසල් අවසාන විභාගයට පෙනී සිට ඉන් සමත් වූ 19 දෙනෙකු හා ධර්මාචාර්ය විභාගය සමත් වූ දෙදෙනෙකු වෙත අදාළ සහතික පත්‍ර ප්‍රදානය අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු වුණා.

මේ මගින් සිරගතව සිටින රැඳවියන් තුළ ඉතාමත් උසස් කෘති බිහිකිරීමට අවශ්‍ය අඩිතාලම වැටෙනු ඇතැයි ද අමාත්‍යවරයා තම විශ්වාසය පළ කළා.

එම උත්සවය අමතමින් රැඳවිකු ද අදහස් දැක්වූ අතර ඔහු එහිදී වටිනා අදහස් කිහිපයක් පළ කළේ පැමිණ සිටි පිරිස මවිතයට පත් කරමිනුයි.

වැරදිවලට දඬුවම් දෙන අතරේ පොත් ලියන දැහැමි අපිට සහනයක් දෙන්න යනුවෙන් ඔහු එහිදී ඉල්ලීමක් ද සිදු කළා.

මෙම උත්සව අවස්ථාවට අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය සමග බන්ධනාගාර කොමසාරිස් එච්.එම්.එන්.සී. ධනසිංහ මහතා, බන්ධනාගාර පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයේ සභාපති දීපාල් චන්ද්‍රරත්න මහතා මෙන් ම අධිකරණ හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් රැසක් එක්ව සිටියා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements