Featured News

Video Gossip

Advertisement

කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය දරද්දී එම ගුවන් සේවාවට දැනුම් නොදී ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතනවලින් රුපියල් ලක්ෂ පහක මාසික වැටුපක් ලබමින් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරයේ ක්‍රියාකර තිබෙන බව කොමිසම හමුවට ඊයේ (25) ලැබුණ ලිඛිත දැනුම්දීමකින් අනාවරණය වුණි.







පසුව එම ආයතනවල උපදේශකවරයකු ලෙස මාසිකව රුපියල් හාරලක්ෂ පනස්දහසක වැටුපක් ලබා තිබෙන බවත් එම ලිඛිත දැනුම්දීමෙන් තවදුරටත් අනාවරණය වුණි.






තවද චන්ද්‍රසේන මහතා මිහින්ලංකා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ධුරය දරමින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට ප්‍රකාශ කර තිබෙන්නේ අධ්‍යක්ෂ ධුරය දරන බව යැයිද සාක්කිකාරිය වන ගුවන් සේවයේ ලේකම්වරිය ඩැල්රීන් තිරුකුමාර් මහත්මිය රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ විමසීම් හමුවේ සාක්ෂි දෙමින් පැවසුවේ අදාළ ලේඛන කොමිසමට ඉදිරිපත් කරමින්ය.

ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සභාපති කුමාරසිංහ සිරිසේන මහතා කොමිසමේ දැනුම්දීමකට අනුව කොමිසමේ ලේකම් ආරියදාස කුරේ මහතා වෙතට ලිඛිතව ඉදිරිපත් කරන ලද ලේඛනයකට අනුව කපිල චන්ද්‍රසේන මහතා එම ආයතනයේ දැරූ තනතුරු ලද වරප්‍රසාද සියල්ලම එම ලේඛනය මගින් කොමිසම හමුවට කුමාරසිංහ මහතා ඉදිරිපත් කර තිබුණි. මේ අනුව කපිල චන්ද්‍රසේන මහතා ප්‍රධාන විධායක නිලධාරි තනතුරු තුනක් රාජ්‍ය ආයතන තුනක දරමින් වැටුප් වරප්‍රසාද ලබාතිබෙන බවත් වැඩිදුරටත් හෙළි වුණි.

කුමාරසිංහ සිරිසේන මහතාගේ එම ලේඛනයේ සඳහන් තොරතුරු අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතාගේ දැනුම්දීම මත කොමිසම හමුවේ සාක්ෂිකාරිය පැවැසුවාය.

එම ලේඛනය කියවමින් සාක්ෂිකාරිය මෙසේ පැවැසුවාය.

කපිල චන්ද්‍රසේන මහතා වසර 2013 අප්‍රේල් 29 දා ටෙලිකොම් මොබිටෙල් වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි ධුරයට පත්විය. රුපියල් ලක්ෂ පහක මාසික වැටුපක් සහ ඊට අමතරව දරුවන්ගේ පාසල් ගාස්තු, වෛද්‍ය රක්ෂණ යනාදී ප්‍රතිලාභ ලබාගත්තේය. පසුව වසර 2014 ජුනි 28 දා සිට රුපියල් හාරලක්ෂ පනස් දහසක වැටුපකට ටෙලිකොම් මොබිටෙල් ආයතනයේ උපදේශක ධුරයක් දැරීය. සභාපතිවරයාට උපදෙස් සැපයීම මඟපෙන්වීම යනාදී කටයුතුවල චන්ද්‍රසේන මහතා යෙදී ඇත. වසර 2015 පෙබරවාරි පළමුවෙනිදා ඔහු ආයතනයෙන් ඉවත්වී තිබේ. චන්ද්‍රසේන මහතා දැරූ මේ තනතුරු පිළිබඳව ශ්‍රී ලන්කන් ගුවන් සේවයට දැනුම්දීම් කර නොතිබුණ බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් සාක්කි දෙමින් පැවැසුවාය.

විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතාගේ සහභාගිත්වයෙන් අභියාචනාධිකරණ විනිසුරු ඒ. ජී. ආර්. අමරසේකර, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් නියෝජ්‍ය විගණකාධිපති එච්. ඩී. ඒ. හැරල්ඩ් මහත්වරු සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණක ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් වසන්තා ගීගනගේ මෙනෙවියගෙන් හෙබි ශ්‍රී ලන්කන් ගුවන් සේවා, ශ්‍රී ලංකා කේටරින්, මිහින් ලංකා වංචා දූෂණ පිළිබඳව පරීක්ෂණ පවත්වන ජනාධිපති පරීක්ෂණ කොමිසම ඉදිරියේ සාක්කිකාරිය සාක්ෂි දුන්නාය. රජයේ අධිනීතිඥ චතුර ගුණතිලක මහතා කොමිසමට සහාය දැක්විය.

voiceofceylon

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements