දින කිහිපයක් ඇතුලත නඩු අසා තීන්දුව දීම සදහා පිහිටුවන ලද විශේෂ මහාධිකරණයේ නඩු විභාග කිරීමේ කටයුත්ත ආරම්භ කර තිබේ.
එම අධිරණයේ විභාගයට ගැනෙන මුල්ම නඩුව වන්නේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලූ තිදෙනෙකුට විරුද්දව එල්ල වී ඇති රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමේ නඩුවකි.
මේ සම්බන්ධයෙන් ඔවුනට අධිචෝදනා භාරදී තිබේ.
මෙසේ අධි චෝදනා බාර දී ඇත්තේ ගාමිණී සෙනරත්, පියදාන කුඩාබලගේ, නීල් බණ්ඩාර හපුහින්න. ලසන්ත බණ්ඩාර නැමැති පිරිසටයි.
