Featured News

Video Gossip

Advertisement



4

MINI GOSSIP · Post
ජනපති ගෙදර යවන්න ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් මහින්දානන්ද හෙළි කරයි
Posting as GOSSIP 99 Update Revert to draft Preview Close
ComposeHTML

Link


මෙරට ජනාධිපතිවරයා යම් මානසික ආතතියකින් පෙළෙන බව හැඟෙනවා නම් අගමැතිවරයාට, කථානායකවරයාට සහ විපක්ෂනායකවරයාට ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමේ බලය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මඟින් යෝජනා කර තිබේ.

ඊයේ (25දා) බොරැල්ල ආචාර්ය එන්.එම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක්වෙමින් මේ බව අනාවරණය කළ මන්ත්‍රි මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ කෙටුම්පතේ 17.(3)(ඛ්) වගන්තිය යටතේ ජනාධිපතිවරයා ඉවත් කිරීම පිළිබඳ සඳහන් වන බවයි.

මෙම කෙටුම්පත සකස් කිරීමට පැහැදිලිවම සහාය ලැබී තිබෙන්නේ අරලියග මන්දිරයෙන් පාලනය කරන පිරිසක් මඟින් බවද ඔහු අනාවරණය කළේය. ජනාධිපතිවරයා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ වගන්තිය බලාත්මක කිරීමට වන සූදානම ගැන සඳහන් කළ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රිවරයා තවදුරටත් මෙසේද සඳහන් කළේය.

"පසුගිය දවසක ජනාධිපතිවරයා කියනවා දින 100 වැඩපිළිවෙළ ඔහු ඉදිරිපත් කළේ නැහැ කියලා. පස්සේ ආයෙමත් කියනවා මේක තමයි ඉදිරිපත් කළේ කියලා. මෙහෙම කරන විට මේ කමිටුවට පුළුවන් ජනාධිපතිවරයා ආතතියෙන් ඉන්නේ කියලා ඔහුව ඉවත් කරන්න."

"මේ අතර මෙම කෙටුම්පතේ 109.(2)(ඛ්) වගන්තිය යටතේ පුරවැසිභාවය සම්බන්ධයෙන් සඳහන් වන්නේ මැතිවරණයක් සඳහා තරග කිරීමේදී ද්විත්ව පුරවැසිභාවයක් ඇති කෙනෙක් මාස 12කට පෙර එය ඉවත් කරගත යුතු බවයි. 19 වැනි ව්‍යවස්ථාව ගෙනැවිත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම වැළැක්වුවා. ගෝඨාභය රාජපක්ෂ හෝ වෙන කවුරුන් හෝ කෙනකු ජනතාව ඉදිරියට පැමිණවීම වැළැක්වීමට ව්‍යවස්ථා කෙටුම්පතෙන් පාර හදලා තිබෙනවා." "යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත සම්මත වුණොත් රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට නැවතත් 2020 ජනාධිපතිවරණ සිහිනය සැබෑකරගැනීම සඳහා පසුබිම සකස් වෙනවා. මේ ආණ්ඩුව කෙටුම්පත හරහා වංචාව නීතිගත කරන්න හදනවා. එම නිසා එම කෙටුම්පත පර්ලිමේන්තුවේදී පරාජය කිරීම සඳහා අවශ්‍ය 2/3කේ බලය ලබාගැනීමට කටයුතු කරමින් සිටිනවා යැයිද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Post settings
Labels
gossip, Gossip Lanka, Gossip Lanka News
Published on
26/07/2018 08:01

India Standard Time

Links
Location
Search Description
gossip, gossip lanka, Gossip Lanka News
Options
Send feedback

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements