Advertisement

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ,මතින් නිදහස් රටක්, සංකල්පය සාර්ථක කර ගැනීමට දිවිහිමියෙන් කැප වූ හා නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමේ දී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීමට ලක් කෙරෙන ,ජනපති ප්‍රශංසා, සම්මාන උලෙළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊ‌යේ (28) කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වුනි.

2015 ජනවාරි 14 වන දින සිට 2019 ජනවාරි 14 වන දින දක්වා කාලපරිච්ඡේදය තුළ විෂ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකිරීම සඳහා සක්‍රීය ලෙස දායක වී ඇති නිලධාරින් සහ විෂ මත්ද්‍රව්‍ය ජාවාරම්වල යෙදුන සංවිධානාත්මක අපරාධ මර්දනය කිරීම සඳහා සක්‍රීයව දායක වූ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් ඇතුළු පොලිස් නිලධාරින් 1034 දෙනෙකු වෙත මෙහිදී ජනාධිපතිවරයා අතින් පදක්කම් සහ ප්‍රශංසා සහතික පිරිනැමින.

කාණ්ඩ 03 ක් යටතේ මෙම ඇගැයිම් සම්මාන පිරිනැමූ අතර ජනාධිපති පොලිස් වීරතා පදක්කම, පදක්කම්ලාභීන් 15 දෙනෙකු වෙතත්, පොලිස් දක්ෂතා පදක්කම පදක්කම්ලාභීන් 59 දෙනෙකු වෙතත් පිරිනැමූ අතර ඉතිරි පිරිස වෙත ජනපති ප්‍රශංසා සහතිකපත් පිළිගැන්වීම සිදු කෙරිින. සුරක්ෂිත හෙටක් - මෛත්‍රී පාලනයක් තේමාව යටතේ මතින් නිදහස් රටක් උදෙසා ක්‍රියාත්මක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන යටතේ ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා මත්ද්‍රව්‍ය නිවාරණ සතියක් ද ප්‍රකාශයට පත් කරමින් පුළුල් වැඩසටහන් මාලාවක් පසුගිය දින කිහිපය තුළ ක්‍රියාත්මක කෙරිණි.

එහි ප්‍රධාන වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් මෙම සම්මාන උළෙල සංවිධාන කර තිබුුුුනි.

,මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්, ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුකූලව මතින් නිදහස් ශ්‍රී ලංකාවක් බිහිකිරීම මඟින් ආර්ථික, සමාජයීය, සංස්කෘතික වශයෙන් සංවර්ධනයට අදාළ පසුබිමක් සකස් කර තිබේ. මද්‍යසාර, දුම්කොළ හා නීති විරෝධි මත්ද්‍රව්‍ය භාවිතය ක්‍රමානුකූලව අඩුකිරීමෙන් සහ ඒවා භාවිතයෙන් වන හානිය අවම කිරිම මගින් සියලු ශ්‍රී ලාංකිකයන්ගේ සෞඛ්‍ය හා යහපැවැත්ම දියුණු කිරීමත්, නිෂ්පාදන ඵලදායීතාව වැඩි කිරීමත්, දිළිදුකම පිටු දැකීමත් අපේක්ෂා කෙරේ.

2014 වසරට සාපේක්ෂව 2020 වන විට ශ්‍රී ලංකාවේ නීති විරෝධි මත්ද්‍රව්‍ය නිෂ්පාදනය, ප්‍රවාහනය හා අලෙවිය 80්‍ර ක් පමණ අඩු කිරීමේ අරමුණ පෙරදැරිව ගරු ජනාධිපතිවරයාගේ ඝෘජු අධීක්ෂණයෙන් යුතුව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය පිහිටුවා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements