Advertisement

රටේ ප‍්‍රශ්න මොන තරම් තිබුණත් ඒවා විසඳනවා වෙනුවට ආණ්ඩුවේ එකම වුවමනාව වී තිබෙන්නේ කැබිනට් මණ්ඩලය වැඩි කරගෙන වරදාන වරප‍්‍රසාද භූක්ති විඳීම පමණක් යැයි ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවසීය.

ඇමැති මණ්ඩලය වැඩි කර ගැනීමට තව දේශපාලන පක්ෂයක් සමඟ සම්මුතියකට එළැඹ ජාතික ආණ්ඩුවක් සෑදීමට සැලසුම් වී තිබුණත් ආණ්ඩුවට එසේ කිරීමේ හැකියාවක් නැතැයි ද’ හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

එක පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් එකතු වීමෙන් පමණක් ජාතික ආණ්ඩුවකට යා නොහැකි බව පැවසූ ඒ මහතා රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ඒවා විසඳීම පසෙකලා රජය මහන්සි වන්නේ කැබිනට් මණ්ඩලය වැඩි කර ගැනීම සඳහා පමණක් යැයි ද හෙතෙම කීය.

බත්තරමුල්ල, නෙළුම් මාවත ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28 දා) පැවැති මාධ්‍ය හමුවේදී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා මේ බව සඳහන් කළේය.

අනුර බාලසූරිය

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements