Featured News

Video Gossip

Advertisement

පසුගිය දා ගංවතුරෙන් පීඩාවට පත් කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්කවල ජනතාවගේ සුවදුක් විමසීමට මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක එහි සංචාරයක නිරත වුණා. 


එහිදී කිලිනොච්චිය, මුලතිව් සහ පුදුකුඩිඉරිප්පු අවට ආපදාවෙන් හානියට පත් ගම්මාන 03ක් නිරීක්‍ෂණය කිරීමට ද අමාත්‍යවරයා ඇතුලු නිලධාරීන් එක්වුණා. 

එම ගම්මාන 03හි පාසල් ළමුන් 2000ක් වෙනුවෙන් පාසල් උපකරණ බෙදාදීම ද ඊයේ (03) කිලිනොච්චියේදී සහ මුලතිව්හිදී අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. 

මුලතිව්හි කණ්ඩාවලි පාසලට පුස්තකාලයක් සහ ගංවතුරෙන් හානියට පත් අදාළ ගම්මාන වලට ඇති ප්‍රවේශ වන මාර්ග සංවර්ධනය කිරීම සඳහා 'සුඛිත පුරවර' ව්‍යාපෘතිය යටතේ ප්‍රතිපාදන ලබාදෙන ලෙස ද අමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. 

ඊට අමතරව පුදුකුඩිඉරිප්පු ගම්මානයට වැටී ඇති ප්‍රධාන පිවිසුම් මාර්ගය සම්පූර්ණයෙන් පිළිසකර කරන ලෙසයි අමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියේ උතුරු පළාත් අධ්‍යක්‍ෂවරයා වෙත උපදෙස් දී ඇත්තේ. 

ගංවතුරෙන් විපතට පත් කිලිනොච්චි හා මුලතිව් දිස්ත්‍රික්ක වල දරුවන්ට මෙලෙස ආධාර ලබාදුන්නේ අමාත්‍යවරයාගේ උපදෙස් මත නාගරික සංවර්ධන අධිකාරිය සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සේවක සුභ සාධක සංගම් ඒකාබද්ධවයි.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements