Advertisement

ලංකා විදුලිබල මණ්ඩලය සඳහා පෞද්ගලික විදුලි බලාගාර මගින් වාර්ෂිකව සිදුකෙරෙන විදුලිය මිලදීගැනීම්වලට අදාළව වෙනම විගණන වාර්තාවක් මහජන උපයෝගිතා කොමිසමට ලබාදෙන ලෙස මණ්ඩලයට දැනුම් දුන්නත් එය වසර තුනක සිට ලබාදී නැත.

2016 වසරේ විදුලි ගාස්තු සංශෝධනය කිරීමේ යෝජනාව කොමිසම වෙත පැමිණි අවස්ථාවේ මෙම විගණනය කිරීම් සිදුකරන ලෙසට මණ්ඩලයට දැනුම් දුන්නත් තවමත් එය සිදුකර ලබා දී නැති බව මහජන උපයෝගිතා කොමිසමේ ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්ෂිකව පෞද්ගලික බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සඳහා රුපියල් බිලියන 170 ක මුදලක් වැය කරන බවත් එම මුදල කෙසේ වැයවන්නේ ද යන්න පැහැදිලි නොමැතිකම හේතුවෙන් මෙම යෝජනාව කර ඇත. එහෙත් එය මණ්ඩලයෙන් හෝ අමාත්‍යංශය මැදිහත්ව තවම සිදු කර නැතැයි සඳහන් වේ. එම වාර්තා ලබාදෙන තෙක් විදුලි ගාස්තු සංශෝධනයක් සිදුනොකළ හැකි බවත් මහජන උපයෝගිතා කොමිසම පෙන්වා දෙයි.

[ගයාන් ගාල්ලගේ]

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements