Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ලග්නාධිපති කුජ සමග සඳු දොළහේද, රවි, බුධ, ශනි, නමයේද ගුරු, සිකුරු අටේද රාහු හතරේද ගමන් කරමින් උදාවන මෙම සතිය ඔබට මිශ‍්‍රපලදායකයි. සතිය ආරම්භයේ ගෘහජීවිතය පිළිබඳව තරමක බාධා ඇති වුවද, පසුව ඒ තත්ත්වය මගහැරී යනවා ඇත. සඳුදා සිට රවි දහවැන්නට මාරු වීම නිසා රැුකියා හා ව්‍යාපාර අංශවල ප‍්‍රගතියට කරුණු සැලසෙන බව
පෙනේ. රැුකියා උසස්වීම්වලට ඉඩ තිබේ. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක කරගත හැකිවේ. පෙම්වතුන්ට සුබපලදායකයි. අවිවාහක අයට මංගල යෝග යෙදේ. ගුරු සිකුරු දශා තරමක් අපලයි. අන් අයට මිශ‍්‍රපලදායකයි. 

සුබ පාට දිලෙන සුදු සුබ අංකය 1

වෘෂභ

සිකුරු සමග ගුරු හත්වැන්නේද, රවි, ශනි, බුධ අටවැන්නේ ද සඳු සහ කුජ එකොළහේද ගමන් කරමින් උදාවන මෙම සතිය ගෙදර වැඩිහිටියකුට අපල බව පෙන්වයි. බිරිඳ හෝ සැමියාට සුබදායකයි. සහෝදරයකු ගැන සතුටුදායක ආරංචියක් ලැබේ. ආදායම් සතුටුදායක වේ. හිතමිතුරන් සමග සතුටින් කාලය ගතවේ. මේ අතර වියදම් ඉහළ යන බවද පෙන්වයි. තැන්පත් මුදලක් පවා වැයවීමට ඉඩ තිබේ. අධ්‍යාපන කටයුතුවලට බාධාවන අයුරින් උදාසීන හා කම්මැලි ගති ඇති විය හැකියි. මේ තත්ත්වය පාලනය කරගන්න. රවි දශා ගත කරන අය ශරීර සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. 

සුබ පාට මිශ‍්‍රලා සුබ අංකය 6.

මිථුන

බුධ සමග රවි හා සෙනසුරු හත්වැන්නේද සඳු, කුජ දහයේද ගුරු ශුක‍්‍ර හයේද රාහු දෙකේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපල දායකයි. විවාහ සහකරුට යහපත් වේ. ගෙදර දියුණුවට කරන කටයුතුවලට අන් අයගේ උදව් උපහාර ලැබේ. හවුල් ව්‍යාපාර සාර්ථක වේ. ආදායම් සතුටුදායක වේ. එහෙත් වියදම්ද ඉහළ යනවා ඇත. උත්සාහය හා උනන්දුව වැඩිවේ. මේ නිසා කරන කියන කටයුතුවල බාධා ජයගත හැකිවේ. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැබිය හැකිවේ. කේතු දශා ගත කරන අය ශරීරයේ පෝෂණය 

ගැන සැලකිලිමත් වෙන්න. 

සුබ පාට ලාකොළ සුබ අංකය 4.

කටක

ඔබේ ලග්නාධිපති සඳු සමග කුජ නමයේද කේතු හතේද. රවි, ශනි බුධ හයේ ද ගුරු සිකුරු පස්වැන්නේද ගමන් කරමින් උදාවන මේ සතිය බොහෝ දුරට සුබපලදායකයි. දරුවන්ගේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. පෙම්වතුන්ට සුබපලදායකයි. මංගල යෝජනා පිළිබඳව කටයුතු කිරීමට සුබ කාලයකි. අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගැනීමට පහසුකම් සැලසේ. විභාගවලින් සමර්ථ වේ. ව්‍යාපාර සඳහා ආයෝජනය කරන මුදල්වලින් ලාබ ලබා ගත හැකිවේ. උසස් අයගේ උදව් ලැබේ. සේවක සහයෝගය ද ලැබේ. සති අන්තයේ දී දුර ගමනක් යෙදෙනවා ඇත. 

සුබ පාට කහ, තැඹිලි සුබ අංකය 5.

සිංහ

රවි සමග ශනි සහ බුධ පහේද, කේතු හයේද, සඳු කුජ අටේද ගුරු සිකුරු හතරේද ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. 

ගෘහජීවිතය යහපත් වේ. මවුපියන් හෝ දරුවන් සමග සතුටින් කාලය ගත වේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක කර ගත හැකිවේ. ආදායම් මාර්ග සතුටුදායක වේ. හිතේ සතුට ඇතිවේ. ගෙදර ප‍්‍රීති උත්සවයන් වැනි දෙයක් පැවැත්වීමට හිත යොමුවේ. අධ්‍යාපන කටයුතුවලටද සුබදායකයි. විදේශ ගමනක් ගැන තිබූ බලාපොරොත්තු ඉටු කර ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසේ. කුජ දශා ගත කරන අය අනතුරුවලින් ප‍්‍රවේශම් වන්න. 

සුබ පාට දිලෙන සුදු සුබ අංකය 1.

කන්‍යා

බුධ සමග රවි සහ ශනි හතර වැන්නේද, ගුරු, සිකුරු තුනේද, කේතු පහේද, සඳු කුජ හතේද රාහු එකොළහේද ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපලදායකයි. ස්වයං රැුකියා හෝ ගොවිතැන්වලින් ලාබ ලැබේ. අසල්වාසීන් සමග ඇති සුහදතාවය වර්ධනය වේ. අමනාපකම් දුරුවේ. විවාහ සහකරුට තරමක් අපල බව පෙනේ. අඹු- සැමි අමනාපකම් ඇති විය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. අවිවාහක අයගේ මංගල යෝජනා පිළිබඳ කටයුතුවලට තරමක බාධා පවතී. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ආයෝජනවලින් ලාබ ලැබේ. උත්සාහය හා උනන්දුව පවතින නිසා බොහෝ දේ සාර්ථක කරගත හැකි වේ. 

සුබ පාට මිශ‍්‍රලා සුබ අංකය 6.

තුලා 

ලග්නාධිපති සිකුරු සමග ගුරු දෙවැන්නේද, රවි, ශනි, බුධ තුනේද, කේතු හතරේද, කුජ, සඳු හයේද රාහු දහයේද ගමන් කරමින් උදාවන මෙම සතිය සතුටුදායකයි. ආදායම් මාර්ගවල තිබූ අවහිරතා ඉවත්වේ. ධනලාභ ලැබේ. පවුලේ දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. අනාගතය පිළිබඳව වෙනදාට වඩා හිත යොමුවේ. අසල්වාසීන් සමග පැවති අමනාප දුරුවේ. උසස් අයගේ උදව් උපහාර ලැබේ. උත්සාහය වැඩිවේ. වාසිදායක කෙටි ගමන් බිමන් යෙදේ. අධ්‍යාපන කටයුතු සාර්ථක කරගත හැකිවේ. බිරිඳ හෝ සැමියා අමනාපවිය හැකි නිසා ඉවසීමෙන් කටයුතු කරන්න. 

සුබ පාට මිශ‍්‍රලා සුබ අංකය 6.

වෘශ්චික

ලග්නාධිපති කුජ සමග සඳු පහේද, ගුරු සිකුරු ලග්නයේද රවි ශනි බුධ දෙවැන්නේද රාහු නමයේද ගමන් කරමින් මෙම සතිය උදාවෙයි. ¥ දරුවන් පිළිබඳව වෙනදාට වඩා හිත යොමුවන බව පෙනේ. දරුවන්ගේ දියුණුව පිළිබඳව හිතා සතුටු විය හැකි වේ. වෘශ්චික හිමි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ව්‍යාපාරවලට මුදල් ආයෝජනය කිරීමෙන් ලාබ ලැබේ. අවිවාහක අයගේ පෙම් සබඳතා හෝ විවාහ මංගල යෝජනා සාර්ථක වේ. සතිය මැදදී විවාහ සහකරුට සුබපලදායකයි. අඹු - සැමි සමගිය වර්ධනය වනවා ඇත. හවුල් ව්‍යාපාරවලට සුබයි. 

සුබ පාට සුදු සුබ අංකය 02.

ධනු

ලග්නාධිපති ගුරු සමග සිකුරු දොළහේද, රවි, ශනි, බුධ ලග්නයේද කේතු දෙකේද, සඳු, කුජ හතරේද ගමන් කරමින් උදාවන මෙම සතිය මිශ‍්‍රපලදායකයි. ගෘහ ජීවිතය පිළිබඳව ඉවසීමෙන් කටයුතු කළ යුතු බව පෙනේ. ඉක්මන් කෝපය නිසා පවුලේ අය අතර අමනාප කම් ඇතිවීමට ඉඩ තිබේ. සතිය මුලදී පවුලේ කෙනෙකු වෙනුවෙන් අමතර වෙහෙසක් දරන්නට සිදුවිය හැකියි. දුර ගමන් යෙදේ. විදේශ ගමනක් පිළිබඳව තිබූ බලාපොරොත්තු සාර්ථක විය හැකියි. දැඩි කාර්ය බහුල බව නිසා සෞඛ්‍ය ගැටලූ ඇති විය හැකියි. ගුරු දශා විශේෂයි. බිරිඳ හෝ සැමියාට මිශ‍්‍රපලදායකයි. 

සුබපාට දිලෙන සුදු සුබ අංකය 1.

මකර

ලග්නාධිපති ශනි, රවි සහ බුධ සමග දොළහේද ගුරු ශුක‍්‍ර එකොළහේද, කේතු ලග්නයේද, සඳු, කුජ, තුනේද, රාහු හතේද ගමන් ගනිමින් උදාවන මෙම සතිය ගෘහ ජීවිතය පිළිබඳව මිශ‍්‍රපලදායක තත්ත්වයක් පෙන්වයි. උත්සාහය ධෛර්යය නොඅඩුව පවතින බැවින් බොහෝ බලාපොරොත්තු සාර්ථක කරගත හැකිවේ. විදේශ ගමන්වලට තරමක බාධා පවතී. නීතිමය අංශවලින් කරදර ඇතිවිය හැකි නිසා ඉතා කල්පනාකාරීව කටයුතු කරන්න. සතිය මැදදී ගෙදර දියුණුවට කරන කටයුත්තක් සාර්ථක වේ. දරුවන්ට සුබයි. රැුකියා හා ව්‍යාපාරවලදී අන් අයගේ සහයෝගය නොඅඩුව ලැබේ. යහපත් මිතුරන් හඳුනා ගැනීමට අවස්ථාව උදාවේ. ආදායම් සතුටුදායකයි. 

සුබපාට මිශ‍්‍රලා සුබ අංකය 6.

කුම්භ

සෙනසුරු සමග රවි සහ බුධ එකොළහේද, ගුරු ශුක‍්‍ර දහයේද කුජ සඳු දෙවැන්නේද, රාහු හයේද, ගමන් කරමින් උදාවන මෙම සතිය බොහෝ දුරට සුබපලදායකයි. ආදායම් යහපත් වේ. රැුකියා හා ව්‍යාපාරවල උසස් අයගේ මෙන්ම සේවක පක්‍ෂයේද සහයෝගය ලැබේ. තනතුරේ හෝ තත්ත්වයේ උසස් වීමකට ද ඉඩ තිබේ. බිරිඳ හෝ සැමියාගේ රැුකියා ගැටලූකට විසඳුම් ලැබේ. යහපත් මිතුරන්ගේ ඇසුර ලැබේ. ගෙදර දියුණුවට කරන කටයුතු සාර්ථක වේ. ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. විභාගවලින් සමත් වේ. ආදායම් සතුටුදායකයි. වියදම් පාලනය කරගන්න. 

සුබ පාට නිල් සුබ අංකය 7.

මීන

ඔබේ ලග්නාධිපති ගුරු සහ සිකුරු නමයේද සඳු කුජ ලග්නයේද රවි, ශනි බුධ දහයේද ගමන් කරමින් උදාවන මෙම සතිය සුබදායකයි. දරුවෙකුගේ ජයග‍්‍රහනයන් පිළිබඳව අසන්නට ලැබේ. මීන හිමි ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේ. ව්‍යාපාරවලට යොදවන මුදල්වලින් ලාබ ලැබේ. පෙම්වතුන්ට සුබපල දායකයි. රැුකියා කටයුතුවලදී උසස් අයගේ උදව් උපකාර ලැබේ. අනාගතය ගැන වැඩියෙන් හිත යොමුවේ. විදේශ රැුකියා අපේක්‍ෂාවන් සාර්ථක කර ගැනීමට අවශ්‍ය අංශවලින් සහයෝගය ලැබේ. ගෘහ ජීවිතය සුබදායකයි. දුර වන්දනා ගමනක් හෝ විදේශ ගමනක් පිළිබඳව බලාපොරොත්තු ඉටු විය හැකියි. 

සුබපාට කහ, තැඹිලි සුබ අංකය 5 

කෑගල්ලේ සුනිල් කුමාර ගම්ලත්

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook