නව වසර උදාවත් සමඟ ඉතාලියේ රෝම නගරයේ උපත බිලින්දන් සිව් දෙනාගෙන් එක් දරුවෙකු ශ‍්‍රී ලාංකික මාපිය යුවළකට උපත ලැබූ දරුවෙකු බව එරට මාධ්‍ය වාර්තා කරයි.
රෝමයේ සාන්ත පිලිප් නේරි රෝහලේදී 2019 නව වසර උදා වී අලුයම 12 යි තත්පර 10ට කිලෝ 4.8 ක් බරැති මෙම දරුවා උපත ලබා තිබේ.
වසර ගණනාවක සිට ඉතාලියේ රෝමයේ සාන්ත පියෙත්‍රා ප‍්‍රදේශයේ ජීවත්වන ප‍්‍රසාද් බණ්ඩාර හා මධුභාෂිණි යාපා යුවළට ඉපදුණු මෙම දරුවා ඉතාලියට ගෞරවයක් වශයෙන් ‘ඉතලෝ බණ්ඩාර ‘ ලෙස නම් කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර ඇත.
රෝමයේ මේ වසරේදී ඉපැදුණු දරුවන් සිව් දෙනාගෙන් එක් අයකු ලෙස ඉතලෝ බණ්ඩාර දරුවා උපත ලබා ඇත.
එම ලාංකික දෙමාපියන්ට සුභ පැතීමට රෝම නගරාධිපතිනී වර්ජිනියා රෙජ්ජි මහත්මියද ජනවාරි (01) උදෑසන එම රෝහලට පැමිණ තිබේ. ලංකාවේ හොරණ ප‍්‍රදේශයේ පදිංචි මෙම පවුල වසර කීපයක සිට රෝමයේ රැකියාව කරන බව වාර්තා වේ.




