කළුතර පලාතොට "ඉසුරු උයනේ" පදිංචිව සිටි ෂෙහාන් දසුන් පෙරේරා 2017 වසරේ අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර එහි ප්‍රතිඵල නිකුත් වන්නට පෙර හදිසි හෘදයාබාධයකින් ඔහු මියගියේ 2017 සැප්තැම්බර් 25 වැනිදාය.
උසස් පෙළ ප්‍රතිඵලය වූයේ ඒ සාමාර්ථ තුනකි.
කළුතර විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඔහු උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විද්‍යාලයෙනි.
ඔහුට පිං පැමිණවීම පිණිස ඔහුගේ මාපියන් ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් ඊයේ (01 දා) කළුතර බෝධීන් වහන්සේ අබියස සංවිධානය කර තිබුණේ දෙවැනි වරටය.
එහිදී පිරිස ලේ පරිත්‍යාග කළ ආකාරය ඡායාරූපයෙන් දැක්‌වේ.
ෂෙහාන් සිසුවාගේ පියා වන ක්‍රිශාන්ත පෙරේරා, මව වන ලංකිතා රණවීර හා සොහොයුරිය වන නෙත්මි නිවන්ති යන අයද ඡායාරූපයේ වෙති.

