BREAKING NEWS
latest

728x90

468x60

වීදුරු ගෙවල්වල සිට ගල් ගසන්න එපා නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට කියයි

ජනපතිවරයාගේ පසුපස ගොස්‌ ෆීල්ඩ් මාර්ෂල් කම ගත් හිටපු ඇමැති සරත් ෆොන්සේකා මහතාගෙන් වීදුරු ගෙවල්වල සිට ගල් නොගසන ලෙස ඉල්ලා සිටින බව නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා පැවසීය.

හිටපු ඇමැති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පසුගියදා (01 දා) තමාට එල්ල කළ චෝදනාවන්ට පෙරේදා (02 දා) කළුතරදී මාධ්‍ය අමතමින් පිළිතුරු දෙමින් හෙතෙම මේ බව කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ නියෝජ්‍ය ඇමැති පාලිත තෙවරප්පෙරුම මහතා මෙසේ ද කීවේය,

ෆොන්සේකා මහත්තයා සිරගෙදරින් එළියට එනකොට පිළිගත්ත පළමු වැනියා මම. මම මතුගමින් වාහන හාර පන්සියයක්‌ ගෙනිච්චා. හැබැයි මතුගම ටවුමේදී ආරක්‍ෂාව මදි කියලා එයා වාහනයෙන් නොබැස සිටියා. මම මුලින්ම වැඩ භාරගත්ත දවසේ එයා උත්සවයට යන්න බෑ කිව්වා. තේ බොන්න බෑ කිව්වා. කතා කරන්න බෑ කිව්වා. මට වාඩිවෙන්න තියන පුටුව වහාම අයින් කරන්න කිව්වා. ඒ මම එදා නියෝජ්‍ය ඇමැති නිසා. ඔහු ඒ වගේ කුහක කෙනෙහිළිකම් අනන්තවත් කළා. මම ඒ සියල්ල කාගෙන ඉවසාගෙන සිටියා. මේ රටේ අහිංසක අලි බේරන්න, මිනිස්‌සුන්ගේ අදොනා නවත්වන්න මම ලොකු කැප කිරීම් කළා. ෆොන්සේකා මහත්තයා ඇමැතිව සිට ඒවා නොකරපු නිසයි මම මැදිහත් වුණේ. මිනිස්‌සු එක්‌ලක්‍ෂ දහ අට දාහක්‌ මට ඡන්දය දුන්නේ ඒකට. මම එයා වගේ ඡ න්ද දෙදහක්‌ අරන් එක එක අය පස්‌සෙ ගිහින් ඇමැතිකම් ගත්තේ නෑ. අලි වැට ආරක්‍ෂා කරන්න ඉල්ලපු නිලධාරීන් දහ දෙනා ලබාදුන්නේ නෑ. ඔහු ෆයිව් ස්‌ටාර් හෝටල්වල නැවතිලා සැප ගත්තා. මට ඒ වගේ ඉන්න බෑ. මම ඡන්ද ගත්ත මිනිස්‌සුන්ට සේවය කරන්න බැඳිලා ඉන්නවා. ඡන්ද දෙදහක්‌ ගත්ත කෙනකුට ඒක කරන්න බැහැ. මට නොමිනේෂන් නොදෙන කතාවක්‌ කියලා තිබුණා. මට නොමිනේෂන් නොදෙනවද ඡන්ද දෙදහක්‌ ගත්ත කෙනාට දෙනවද කියල තිරණය කළ යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා. ෆොන්සේකාට ඒක තීරණය කරන්න බෑ. මාව වන ජීවියෙන් අයින් කළාට අගමැතිවරයාට ස්‌තුති කළ යුතු බව කියා තිබුණා. හැබැයි ඒක එහෙම නම් වනජීවියේ තිබෙන සියලු ප්‍රශ්නවලට අගමැතිතුමා උත්තර දිය යුතුයි. ෆොන්සේකා මහත්තයා නීතිය හා සාමය අමාත්‍යාංශය ඉල්ලලා නොදුන්න නිසා වනජීවියේ සල්ලි ටික කකා හිටියා. වෙන කරපු දෙයක්‌ නැහැ. තව කියලා තිබුණා අපේ ගෙදර අය අමාත්‍යාංශ වාහන පාවිච්චි කළ බව. ඒක අපේ නෝනට ඇහිලා නැහැ. ඇහුනා නම් මෙයාට නෝනගෙන් කන්න වෙනවා. මම අපේ පවුලේ කාටවත් තනතුරු ලබා දීලා නැහැ.

ෆොන්සේකා මහත්තයා මෛත්‍රිපාල මහත්තයා පස්‌සෙන් ගිහිල්ලා ෆීල්ඩ් මාර්ෂල් තනතුර ගත්තා. දැන් ඇමැතිකමක්‌ නැතිව පිස්‌සු හැදිලා අඬ අඬා ඉන්නවා. ඕන නම් මගේ නියෝජ්‍ය ඇමැතිකම දෙන්නම්. හැබැයි වීදුරු ගෙවල්වල ඉඳලා ගල් ගැසීම හොඳ නැහැ.
« PREV
NEXT »
Loading...

Facebook Comments APPID