Advertisement

2010 වසරේ සිට 2014 වසර දක්වා කාලසීමාව තුළ අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කල කාලයේ සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළ බවට චෝදනා එල්ල වී සිටි හිටපු අමාත්‍ය සහ එකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (29) නියම කළා .

අමාත්‍යවරයෙකු ලෙස කටයුතු කරමින් සිය වාර්ෂික වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීම තුළින් අල්ලස් පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනුකරනු ලැබුවා .

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ චෝදනාව සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බව සදහන් කරමින් අදාල තීන්දුව ප්‍රකාශයට පත් කළා .

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු 5ක් ගොනු කළ අතර ඉන් එක් නඩු තීන්දුවක් පමණයි ප්‍රකාශයට පත් කරනු ලැබුවේ

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements