Advertisement


පක්ෂය භේද කරන බව ඇතුළු චෝදනා කිහිපයක් මුල්කරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරුන් 50 කට ආසන්න සංඛ්‍යාවක් ඉවත් කිරීමේ සූදානමක් ඇතැයි එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

පක්ෂය ප්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙලට මුවාවී මෙසේ ඉවත් කිරීමට සූදානම් වන්නේ ජනාධිපති සිරිසේනට සහය නොදෙන බවට හඳුනාගත් පිරිසක් බවත් මේ සියළු දෙනා පසුගිය සමයේ රාජපක්ෂ පාර්ශවය පක්ෂයෙන් කොටසක් කඩාගෙන පොදුජන පෙරමුණ පිහිටුවන විට ඒ සමඟ එක්නොවී පක්ෂය ආරක්ෂා කරගෙන සිටි පිරිස බවද එම ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය ඔක්තෝබර් 26 දියත්වූ ව්‍යවස්ථා විරෝධී ආණ්ඩු කුමන්ත්‍රණයේදී මහින්ද රාජපක්ෂ අගමැති කිරීම සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට පක්ෂය බිළිවීමට ඉඩදීම සම්බන්ධව විරෝධය දැක්වීම මේ පිරිසට ආසන සංවිධායක ධුර අහිමිවීමට යාමේ ප්‍රධාන හේතුව බවද වැඩිදුරටත් වාර්තා වෙයි.

කෙසේ වුවත් එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ පක්ෂය විසින් තනතුරු ඉවත් කළත් පක්ෂය ආරක්ෂා කරගෙන ඉදිරියට යාමට මේ පිරිස් සුදානමින් සිටින බවය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements