ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් හේතුවෙන් වෙනිසියුලාවේ සිටින ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන් සියලුදෙනාට පැය 72ක් ඇතුළත ඉවත්ව යන ලෙස වෙනිසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ දැනුම් දී තිබේ.
ඇමරිකානු ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කර තිබුනේ වෙනිසියුලානු විපක්ෂ නායක ජුවාන් ග්වයිඩෝ එරට අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස තමන් පිළිගන්නා බවයි.
මීට මසකට පමණ ඉහතදී වෙනිසියුලානු ජනාධිපතිවරණය පැවති අතර ඉන් නිකලස් මදුරෝ නැවත ජනාධිපතිවරයා ලෙස පත්විය. කෙසේ වෙතත් මෙම ජනාධිපතිවරණය එරට විපක්ෂය විසින් වර්ජනය කළ අතර ඇමරිකාව ප්‍රමුඛ රටවල් කිහිපයක් ප්‍රකාශකර සිටියේ ජනාධිපතිවරණය වංචා සහගතව පැවති බවයි.
මේ හේතුවෙන් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විපක්ෂ නායකවරයා අන්තර්වාර ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කර තිබේ.
ඒත් සමඟම බ්‍රසීලය, කොළොම්බියාව සහ පේරු ඇතුලු රටවල් කිහිපයක් ද එම ප්‍රකාශය අනුමත කර තිබේ.
කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපතිවරයා වෙනිසියුලාවේ පවතින රජයට එරෙහිව සිදුකර ඇති මෙම ප්‍රකාශය හේතුවෙන් ඇමරිකානු රාජ්‍යතාන්ත්‍රිකයන්ට පිටව යන ලෙස නිකලස් මදුරෝ දන්වා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

