Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

වර්තමානයේ අප ජීවත් වන්නේ තාක්‍ෂණික ලෝකයකයි. එම තාක්‍ෂණය භාවිත කරමින් මිනිසා බොහෝ දෑ සිදුකරයි. ඒ අතර සමාජයට අහිතකර දේවල්ද බොහෝය. මෙයද එවැන්නකි. ඒ නවීන තාක්‍ෂණය භාවිත කරමින් ජංගම දුරකථනයකින් විවාහක යුවළක් වෙන් කිරීමට ගත් උත්සාහයක් පිළිබඳ කතාවකි. සිද්ධිය සැකවින් මෙසේය.

වාද්දුව, තල්පිටිය ප‍්‍රදේශයේ පදිංචි අචලා රූමත් තරුණියකි. පවුලේ එකම දියණිය වූ ඇයට දෙමාපියන්ගෙන් අසීමිත ආදරයක් ලැබුණි. එම ආදරය සහ රැකවරණය මැද ඇය කුඩා කල සිට සතුටින් ජීවිතය ගත කළාය.

කලක් එලෙස ගතවිය. ඒ අතර අචලාගේ සිතේ යම් තරුණයකු පිළිබඳ ආදරයක් ඇති විය. කලක් අචලා එය සිත තුළ සගවාගෙන සිටියාය. එම තරුණයා පිළිබඳව ඇය තම මවටද පවසා තිබුණි.

තවත් දිනක් උදාවිය. ඒ දිනය අචලාගේ ජීවිතයේ අමිහිරිම දිනය විය. ඒ තම සිත්ගත් තරුණයා වෙනත් තරුණියකු සමග පේ‍්‍රමයෙන් වෙළී සිටිනු දැකීම නිසාය. එම දසුනින් පසු ඇයගේ සිහින ලෝකයම කඩාබිඳ වැටුණි. දින ගණනක් ඇය නොකා නොබී සයනයටම වී කඳුළු සැලූවේ එම දුක උහුලා ගැනීමට නොහැකි නිසාය. එම තරුණයාද ඒ බව දැන සිටියේය.

කලක් යද්දී තමන් කැමැති දේ නොලැබීමේ දුක ඇය නිමකළේ කේන්තියෙනි. එම නිසා සුළු දෙයටත් ඇයට කේන්ති යෑමේ ගතියක් ඇති විය. කෙසේ වෙතත් එම තරුණයා සමග මිත‍්‍රත්වයක් ඇය ඇතිකර ගත්තාය. ඒ සිත යටින් ඔහුට තිබුණ කැමැත්ත නිසා වන්නට ඇත. එම තරුණයා ඇය සමග මිත‍්‍රත්වයක් ගොඩනගා ගත්තේ යටි සිතේ තවත් අරමුණක් සගවා ගෙනයි. එම තරුණයාව සුමිත් නමින් අපි හඳුන්වන්නෙමු.

අචලාට දිනක් තරුණයකු මුණගැසුනි. ඔහු දකුණු පළාතේ පදිංචි අයෙකි. නමින් ඔහු දමිත්ය. ඇයගේ සිතේ දමිත් කෙරෙහි විශේෂ කැමැත්තක් ඇති විය. එම නිසා ඇය ඔහු සමග මිත‍්‍රත්වයක් ගොඩනගා ගත්තාය. දමිත් ද ඇයට සුවිශේෂී ඇල්මක් දැක්විය. මාස ගණනක් එලෙස ගතවිය. අවසානයේ එම මිත‍්‍රත්වය පේ‍්‍රමයක් බවට පෙරළුණේ දෙදෙනාටම නොදැනීය.

දෙදෙනාගේ පේ‍්‍රම සම්බන්ධතාවය අවසන් වූයේ විවාහයෙනි. විවාහයෙන් පසු දමිත් අචලාගේ නිවසේ පදිංචියට පැමිණියේය. එම නිවසේ අචලාගේ දෙමාපියෝද සිටියහ. ඒ අතර කාලය තුළ අචලා මවු පදවිය ලැබුවාය. එහි ප‍්‍රතිඵලය වූයේ සිගිති දියණියක් එම කැදැල්ලට එකතු වීමයි. කලක් ඔවුහු සුළු බාධක කරදර මැද සතුටින් පවුල් ජීවිතය ගත කළහ.

කලකට ඉහත අචලා කැමැත්තෙන් සිටි සුමිත්ද මෙම පවුල ගැන නිරන්තරයෙන් ඇස ගසාගෙන සිටියේය. සුමිත්ද ඒ වන විට විවාහ වී තිබුණි. එහෙත් ඔහුට වුවමනා වූයේ අචලා සමග සම්බන්ධතාවක් පවත්වාගෙන යෑමටයි. ඇය සමග කතා කරන සෑම විටම ඔහු ඒ ගැන පැවසුවේය. එහෙත් අචලා එයට අකැමැති වූවාය.

සුමිත් උත්සාහය අතහැරියේ නැත. ඔහුට උවමනා වූයේ අචලා සමග කෙලෙස හෝ අනියම් සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමටයි. ඒ සඳහා කළ යුත්තේ කුමක්දැයි කියා ඔහු නිතරම කල්පනා කළේය. අවසානයේ ඔහු තීරණයකට පැමිණියේය. ඒ අචලාගේ පවුල් ජීවිතය විනාශ කර හෝ ඇය සමග අනියම් සම්බන්ධතාවක් ගොඩනගාගන්නා බවයි.

අචලාගේ විද්යුත් තැපෑලට දිනක් පණිවුඩයක් ලැබී තිබුණි. එහි තිබුණේ දමිත්ගේ දුරකථනයෙන් වෙනත් තරුණිකට යැවූ ආදර පණිවිඩ වගයකි. සති කිහිපයක් පුරා ආපු පණිවුඩ එහි සඳහන්ව තිබුණි. එය එක්වරම අචලාට දරාගත නොහැකි විය. විනාඩි කිහිපයක් තුෂ්නිම්භූතව ඇය ඒ දෙස බලා සිටියාය.

‘මෙච්චර කල් ආදරය කරපු දමිත් මට මෙහෙම දෙයක් කළේ ඇයි. අද මම එයාව අල්ල ගන්නම්. මට මේ දීගේ ඕනේ නැහැ. අදම ගෙදරින් පන්නනවා එයාව. ආපුදෙන්කෝ ගෙදර’ ඇය එලෙස කල්පනා කළාය. මේ කිසිවක් නොදත් දමිත් වැඩ නිමවී නිවස වෙත පැමිණියේය.

දමිත් නිවස වෙත ගොඩ වෙනවාත් සමගම ක්‍ෂණයෙන් ආරූඩ වූ අචලා ඔහු වෙත කඩා පැන්නේ මෙලෙස පවසමින්ය.

‘තමුසේ එනකම් තමයි මම බලන් හිටියේ. කාටද තමුසේ මේ ආදර එස්.එම්.එස්. යවලා තියෙන්නේ. ඒ යවපු එක්කෙනෙක් එක්කම ඉන්නවා. ආයි එන්න එපා මේ පැත්ත පළාතේ.’

අචලා එලෙස බැණවැදීම නිසා දමිත් එක්වරම පුදුමයට පත්විය. ඔහු කිසිම කාන්තාවක් සමග එවැනි සම්බන්ධතාවක් පවත්වා නොතිබුණු අතර තම ජංගම දුරකථනයෙන් එවැනි පණිවුඩ යවා නොතිබුණි. ඒ නිසා ඔහුගේ සිතටද ක්‍ෂණිකව කේන්තියක් පැමිණියේය. එම කේන්තිය සමග ඔහු අචලාට මෙලෙස පැවසුවේය.

‘මොන යකා වැහිලද මන්දා මේ ගෑනිට. මම වෙන ගෑනුන් එක්ක සම්බන්ධකම් පවත්වාගෙන යන්නේ නැහැ. නිකන් බොරු චෝදනා කරන්නෙ නැතිව ඉන්නවා. මොළේ අවුල් වෙලාද කොහෙද අද මේ ගෑනිගේ.’’

‘නිකන් බොරු කියන් නැතිව ඉන්නවා තමුසේ. මේ තියෙන්නේ සියලූම විස්තර. බලා ගන්නවා හොඳට. එලෙස පවසමින් ඇය තමන් වෙත ලැබුණ ඊමේල් පණිවිඩයේ පිටපතක් දමිත් අතට දුන්නාය. එක්වරම එය දැකීමෙන් දමිත් තුෂ්නිම්භූත විය. එහි තිබුණේ ඔහුගේ දුරකථනයෙන් යැවූ කෙටි පණිවුඩ කිහිපයකි. එහෙත් කිසි දිනක ඔහු එවැනි කෙටි පණිවුඩ කිසිවකුටත් යවා නොතිබුණි. එය බලා ඔහු මෙලෙස පැවසුවේය.

‘අචලා මේක වැරදීමක්. මම කාටවත් ඔය වගේ එස්.එම්.එස්. එවලා නැහැ. මේක කාගේ හරි කුමන්ත‍්‍රණයක්. අපේ පවුල විනාශ කරන්න කරපු දෙයක්.

‘අනේ මේ නිකන් ඉන්නවා. වැරදි කරලා දැන් සුදනා වෙන්න හදනවා. මේ තියෙන්නේ සේරම විස්තර. සාක්‍ෂිත් එක්කම. තවත් බොරු කියනවනේ. නිකන් මාව ගොනාට අන්දන්න හදන්න එපා. ආයි ජීවිතේටවත් තමුසෙව මට එපා. දැන්ම බහිනවා ගෙදරින් එළියට.’

‘නිකන් කලබල වෙන්න එපා. මම කිව්වනේ එහෙම දෙයක් කළේ නැහැ කියලා. පිළිගන්නේ නැත්නම් මගේ නම්බර් එකේ ඞීටේල් බිලක් අරන් බලන්න.

‘මට ඞීටේල් බිල් ගන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ සාක්‍ෂි. නැවත ඇය පැවසුවාය. එහෙත් දමිත්ද පුල පුලා පැවසුවේ ඔහු එවැනි දෙයක් නොකළ බවයි. අවසානයේ අචලාගේ දෙමාපියෝ පවා මැදිහත් වී එම ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ කළහ. එහෙත් ඵලක් වූයේ නැත.

දමිත් තම දුරකථන අංකයේ තොරතුරු පවා රැගෙන අචලාට සහ ඇයගේ දෙමාපියන්ට පෙන්නුවේය. දෙමාපියන් එය පිළිගත්තත් අචලා එය පිළිගත්තේ නැත. ඒ අතර විටින් විට ඇයගේ විiුත් ලිපිනයට දමිත් එවන කෙටි පණිවිඩවල විස්තර ලැබුණි. ඇය එකහෙළාම ඒ සියල්ල පිළිගත්තාය. අචලාගේ දෙමාපියන් කොතරම් පැහැදිලි කර පැවසුවත් ඇය එය පිළිගත්තේ නැත. එන්න එන්නම දෙදෙනා අතර දරුණු ගැටුම් ඇති විය.

අචලාගේ විiුත් ලිපිනයට එලෙස පණිවුඩ එවා තිබුණේ සුමිත්ය. ඒ ඔහු නවීන තාක්‍ෂණය භාවිත කරමින්ය. ඔහු ඕනෑම ජංගම දුරකථන අංකයකින් අයිතිකරු නොදැනුවත්ව පණිවිඩ යැවිය හැකි විශේෂිත මෘදුකාංගයක් සොයාගෙන තිබුණි. ඒ හරහා ඔහු දමිත්ගේ ජංගම දුරකථනයෙන් පණිවිඩ යැවුවා සේ විස්තර අචලාට යවා තිබුණි. මේ කිසිවක් නොදත් දමිත් දස අතේ කල්පනා කළේ තම පවුල් ජීවිතය රැකගන්නේ කෙසේද කියාය.

අවස්ථාවෙන් ප‍්‍රයෝජන ගත් සුමිත් අචලා වෙත තවත් ළංවූවාය. අචලාද මේ කිසිවක් නොදැන තම ප‍්‍රශ්නය සුමිත්ට පැවසුවාය. සුමිත් ඇයගේ ඔළුවට තවත් විසබීජ දමමින් පැවසුවේ හැකි ඉක්මනින් දමිත්ගෙන් දික්කසාද වන ලෙසයි. ඒ අතර ඇය සමග ඉතා සමීප සම්බන්ධතාවක් ගොඩනගා ගැනීමටද ඔහු සමත් විය. ඉන්පසු අචලා ක‍්‍රියාකළේ සුමිත්ගේ කීමට අනුවයි.

දමිත් සහ පවුලේ අය අචලාට සත්‍ය තේරුම් කිරීමට නොගත් උත්සාහයක් නොමැත. එහෙත් එය ගගට කැපූ ඉනි මෙන් විය. අචලා එන්න එන්නම සුමිත්ට ළං වූවාය. සුමිත්ද ඇයගෙන් වෙනත් වාසි ලබා ගැනීමේ අරමුණින් අචලාට බොරු ආදරයක් පෙන්වූවේය.

දිනක් අචලා තම දියණියවද රැගෙන පෙර පාසල් ගියාය. යළි සවස්වන තුරු නිවස වෙත නොපැමිණියාය. දමිත් මෙන්ම ඇයගේ දෙමාපියන්ද බිය වූහ. ඔවුන් වඩාත් බිය වූයේ විශාදය නමැති රෝගයෙන් ඇය පෙළෙන නිසා කුමක් හෝ කරගත්තාද යන්න සිතාය. සතර අතේ ඇය 

ගිය තැන් පිළිබඳව සොයා බැලූවේය. එහෙත් කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි විය. අවසානයේ ඔවුනට නිවස තුළ තිබී අචලාගේ ලිපියක් සොයා ගැනීමට හැකිවිය. එහි ඇය සඳහන් කර තිබුණේ තමා වෙනත් නිවසක දියණිය සමගින් පදිංචියට යන බවයි. ඒ වන විට ඇය දික්කසාද නඩුවක්ද ගොනුකර තිබුණි.

දමිත් සහ අචලාගේ දෙමාපියෝ ඉතා අමාරුවෙන් ඇය නැවතී සිටින නිවස සොයා ගත්හ. ඒ එලෙස සොයාගෙන එම නිවසට ගොස් පැවසුවේ අමාරුවේ නොවැටී යළි නිවස වෙත පැමිණ පවුල් ජීවිතය ගතකරන ලෙසයි. කොහොම කෙලෙස පැවසුවත් ඇය එය ප‍්‍රතික්ෂේප කළාය. අවසානයේ බලාපොරොත්තු සුන්වූ සිතින් යුතුව ඔවුන් ආපසු ගියේය. ඒ නිවස සහ සියලූ දේ ඇයට සොයා දී තිබුණේ සුමිත්ය.

අවසානයේ සුමිත් ජය ගත්තේය. ඔහු නවීන තාක්‍ෂණය භාවිත කරමින් අචලා රවටා තමන්ට උවමනා දෙය සිදුකර ගත්තේය. අචලා ඒ සියල්ලටම රැවටී තම පවුල් ජීවිතයද විනාශ කර ගත්තාය. කිසිම වරදක් නොකළ දමිත් තවමත් තම බිරිඳ සත්‍ය තේරුම් ගෙන තමා ළගට පැමිණෙතැයි යන බලාපෙරොත්තුවෙන් සිටිති. මෙම සිද්ධිය පිළිබඳව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේද පැමිණිල්ලක් දමා ඇත. එහෙත් තවමත් ඒ පිළිබඳව නිසි පරීක්‍ෂණ සිදුවී නොමැත. නවීන තාක්‍ෂණය භාවිත කරමින් මෙලෙස පවුල් ජීවිත විනාශ කර දමන නරුමයන් නීතියේ රැහැනට කොටුකර ගත යුතුය.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook