Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results

ස්ථානය - නොම්මර 10, ඩවුනින් වීදිය. ලන්ඩන් නගරය, අග‍්‍රාමාත්‍ය නිල නිවස, දුඹුරු හා සුදු පැහැති පූසෙකු අග‍්‍රාමාත්‍ය නිල නිවසෙහි ඉදිරිපස දොර අසළ බලා හිඳිනුයේ කවුරුන් හෝ පැමිණ දොර විවෘත කර ඔහුට නිවස තුළට යෑමට ඉඩ සලස්වන තෙක්ය. විනාඩි කිහිපයක් ගත වූ පසු අසළ මාර්ගයේ සිටි පොලිස් නිලධාරිවරයකු පැමිණ අග‍්‍රාමාත්‍ය නිල නිවසෙහි දොරටුව විවෘත කරත්ම පූසා නිවස තුළට පනිනු පෙනේ.

මේ ඉකුත් නොවැම්බර් මාසයේදී විදෙස් මාධ්‍ය තුළ සංසරණය වූ පුවතකි. පූසා අග‍්‍රාමාත්‍ය නිල නිවසෙහි ප‍්‍රධාන මීයන් දඩයම් කරන්නා වන ‘‘ලැරී’’ නමැති පූසාය. පුවතට පාදක වූයේ මද වර්ෂාවක් පැවැතීම නිසා තෙමුණු ලැරී නිල නිවසෙහි දොරටුව කවුරුන් හෝ විවාත කරන තෙක් බලා සිටීමේ සිද්ධියකි.

‘‘ලැරී’’ මේ වනවිට කුමන ආණ්ඩුවකින් අගමැතිවරයකු පත් වුවද අගමැති නිල නිවසෙහි මීයන් දඩයම් කරන්නාය. ඔහු එම නිවසෙහි ඇති කැබිනට් කාර්යාලයේ ද මීයන් දඩයම් කිරීමෙහි නිරතව සිටී. ජනමාධ්‍යයන්හි සුරතලෙකු වී ඇති ‘‘ලැරී’’ වත්මන් අගමැති තෙරේසා මේ ගේ පැමිණීමත් සමඟම අනිකුත් මීයන් දඩයම් කරන පූසන් ඉදිරියේ දරුණු ලෙස හැසිරෙන්නට පටන් ගත් බවට වාර්තා පළ විය.

ඩවුනින් ස්ටී‍්‍රට් වෙබ් අඩවියෙහි ‘ලැරී’ ගේ රාජකාරි කටයුතු ලෙස දක්වා ඇත්තේ අගමැති නිල නිවසට පැමිණෙන අමුත්තන් පිළිගැනීම, ආරක්‍ෂක වැටවල් නිරීක්‍ෂණය කිරීම හා නිවසෙහි ඇති පැරණි ගෘහ භාණ්ඩ පිරික්සීම යනාදියයි.

‘‘ලැරී’’ අගමැති නිල නිවසට හිසරදයක්ව පවතින මී උවදුරට හොඳම විසඳුම ලෙසද එම වෙබ් අඩවිය සඳහන් කර ඇත. කෙසේ වුවද හිටපු අගමැති ඬේවිඞ් කැමරුන්ගේ පාලන කාලය තුළදී ‘ලැරී’ කි‍්‍රයාශීලී මීයන් කොටුකර ගන්නා, අධික වේගයෙන් මීයන් පසුපස හඹා යන දඩයම් පූසෙකු ලෙස නම් දරා සිටි අතර ඔහු අගමැති නිල නිවසට පැමිණ මසකට පසු පුවත්පත් පවා ප‍්‍රකාශ කර ඇත්තේ ‘ලැරී’ මීයන් මැරීමේ දක්‍ෂතා නොමැති පුසෙකු බවයි. වසර 2011 අපේ‍්‍රල් 22 දා ලැරී සිය ප‍්‍රථම මියා මරා දමා ඇත. එයට වසරකට පසු පුවත්පත් හෙළිදරව් කර ඇත්තේ ‘ලැරී’ මීයන් දඩයම් කරනවාට වඩා වැඩි කාලයක් නිදා ගැනීමට කාලය ගත කරන බවයි. එමෙන්ම ඔහු ‘මේසි’ නමැති ගැහැණු පූසා සමඟ කල් ගත කරන බවටද වාර්තා විය.

මෙම වාර්තාවල සත්‍යතාවක් ඇති බව පෙනී ගොස් ඇත්තේ 2011 වසරේදී ඩවුනින් වීදියේ අගමැති නිල නිවස මීයන්ගේ පාරාදීසයක්ව තිබීමත්, අගමැතිවරයා කැබිනට් ඇමැතිවරුන් සඳහා 2012 වසරේ අගෝස්තු මස පැවැත්වූ නිල නිවසෙහි පැවැති රාති‍්‍ර භෝජන සංග‍්‍රහයකදී මීයෙකුට ගෑරුප්පුවකින් දමා ගැසීමේ සිද්ධිය නිසාය.

හිටපු අගමැති ඬේවිඞ් කැමරන් විසින් සොයාගත් මීයෙකු අල්වා ගැනීමට කටයුතු නොකිරීම මත ලැරීව ප‍්‍රධාන මී දඩයම්කරු තනතුරෙන් 2012 වසරේදී ඉවත් කර තිබිණි. එවකට ටැබ්ලොයිඞ් මාධ්‍යයන් විසින් ‘ලැරී’ ගේ මන්දගාමී දඩයක්කාර කුසලතාවන් හේතුවෙන් ඔහුව ‘කම්මැලි ලැරී’ යනුවෙන් හඳුන්වා දී තිබිණි.

කෙසේ වුවද පසුව සිය සුපුරුදු රිද්මයට පැමිණි ‘ලැරී’2013 වසරේ ඔක්තෝබර් මස සති දෙකක් තුළදී මීයන්
දෙදෙනකු දඩයම් කර තිබිණී.

මේ අනුව නැවතත් ඩවුනින් වීදියේ අගමැති නිල නිවසෙහි ප‍්‍රධාන මීයන් දඩයම් කරන්නා බවට පත්වූ ‘ලැරී’ කිසිවකුගේ පුද්ගලික දේපළක් නොව ඔහු සිවිල් සේවකයකු බවට හිටපු අගමැති කැමරන් විසින් 2016 වසරේදී ප‍්‍රකාශ කරන ලදී. මේ අනුව ආණ්ඩු වෙනස් වුවද ‘ලැරී’ අගමැති නිල නිවසින් පිටව නොයා යුතු බව ඔහු කීවේය.

වසර 2016 අගෝස්තු මාසයේදි ‘ක්‍රොම්වෙල්’ යනුවෙන් හැඳින්වෙන තවත් පූසෙකු අගමැති නිල නිවසෙහි ප‍්‍රධාන මීයන් දඩයම් කරන්නා තනතුරට පත් කරනු ලැබීය.

මේ සා බි‍්‍රතාන්‍ය අගමැතිවරුන්ගේ ගෞරවාදරයට පාත‍්‍රව ඇති ‘ලැරී’ පූසා උපත ලබා ඇත්තේ 2011 වසරේ පෙබරවාරි මස 15 බවට වාර්තා වන අතර ඔහු ‘බැටර්සී සුනඛ හා පූසන්ගේ අනාථ නිවසෙහි ලැගුම් ගෙන සිටි දඩාවතේ යන පූසෙකි. ‘ලැරී’ ව තෝරාගෙන අගමැති නිල නිවසට ගෙනැවිත් ඇත්තේ නිල නිවසෙහි කාර්ය මණ්ඩලය විසිනි.

‘ලැරී’ 2012 වසරේ ඔක්තෝබර් මාසයේදී ඔහු හැදී වැඩුණු ‘බැටර්සී’ නිවාසය විසින් ‘බ්ලූ ප්ලේත්’ නමැති සම්මානයෙන් ද පුදා ඇත.

ඒමන්ති මාරඹේ


gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook